IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


රටබීම ඉල්ලුම සියයට 30කින් පහළට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මත්පැන් සඳහා රටේ ඇති ඉල්ලුම ජනතාවගේ ආදායම් මට්ටම අඩුවීම නිසා  සියයට 30කින් පමණ  පහළ බැස  ඇතැයි  රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවී ඇත.

රටේ මත්පැන් මිල මෑතකාලීනව විශාල වශයෙන් ඉහළ යෑමද මත්පැන් පාවිච්චිය අඩු වීමට   තවත් ප්‍රධාන හේතුවක් බව එම කමිටුව සඳහන් කරයි.

මේ පිළිබඳ තොරතුරු  අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 20 වෙනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීය

රාජ්‍ය ආදායම වැඩිකරගැනීමට සකස්කර ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණ.

මාර්ගගත  ක්‍රමයට  පැවැත්වුණු මෙම සාකච්ඡාවට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රි ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීහු  සම්බන්ධ කර ගැනුණහ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් මතු වී ඇති බවත්   මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිත වීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිත වීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතුවී ඇති බවත් සුරාබදු නිලධාරීන් මෙහිදී සඳහන් කර ඇත.

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය පවතින තත්වය යටතේ වැඩිවීමේ ප්‍රවනතාවක් මේ වනවිට ඇති වී තිබෙන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.

එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත අදායම් සහ වර්තමාන තත්වය  සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

මීට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම වසරේදී ලබාගැනීමට බලාපොරොත්තු වන ආදායම පිළිබඳවද මෙහිදී සවිස්තරව සාකච්ඡා කර ඇත.

මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,  අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය හර්ෂ ද සිල්වා,  අනූප පැස්කුවෙල් සහ  කාවින්ද  ජයවර්ධන යන මහත්වරුන්  ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (2)

රටබීම ඉල්ලුම සියයට 30කින් පහළට

Bamunuarachchi Thursday, 23 June 2022 06:03 PM

රත්රන් බිජු දමන කිකිලිට කරපු වැඩේ... මේ ගොයියෝ මත්පැන් බදු ඉහළ දැමීමෙන් කළේ... දැන් මටත් හිතෙනවා කසිප්පු පෙරන්න පටන් ගත්තා නම් හොඳයි කියලා...!

:       0       0

Maha zen Thursday, 23 June 2022 08:04 PM

ඩොලර් ඉතුරුයි. කංසා, රා අනුමැතිය දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 154 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 365 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site