(ක.ග කරුණාරත්න)
වී වගාව ඇතුළු වගාවන්ට පොහොර දෙන්නැයි ඉල්ලා අදත් දිවයිනේ නගර රැසක දැවැන්ත විරොධතා රැසක් පැවැත්විණි.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධායේ මෙහෙයවීමෙන් පාගමනක් හා විරෝධතාවක් පොලොන්නරුව නගරයේදී පැවැත්විණි. පොලොන්නරුව රෝහල් හන්දිය අසලින් ආරම්භ වූ එම දිප උයන දක්වා පැමිණ විරෝධතාවයක නිතර වූහ. මේ හේතුවෙන් හබරණ මඩකළපුව මාර්ගය ගමනා ගමනයට බාධා එල්ල විණි.
මහවැලි එචි කලාපයට අයත් ගොවී සංවිධාන 20ක ගොවීහු පිරිසක් තලාව නගරයේ දී ද අද පෙරවරුවේ දැවැන්ත උද්ඝෝෂණයක නිතර වූහ.
තලාව ජයගඟ හන්දියෙන් ආරම්භ කළ එම උද්ඝෝෂණය තලාව නගරයට පැමිණි අතර මහවැලි එචි. කලාපයට අයත් ගොවි සංවිධාන විස්සක ගොවි මහතුන් හා අහස් දියෙන් ගොවිතැන් කරන ගොවීන් පිරිසක් ද ඒ සඳහා සහභාගි වූහ .
(ක.ග කරුණාරත්න)
තලාව නගරයට එක් වූ ගොවි සංවිධානවල සාමාජිකයන් විරෝධතාවේ නිතරව සිටි අයුරු ඡායාරූප උපුල් හේරත්
ඡායාරූප නවරත්න සමරතුංග
අම්පාර ප්‍රදේශය
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රටපුරා තැන තැන අදත් ගොවි විරෝධතා
saku Tuesday, 19 October 2021 02:18 PM
හැමෝම වාඩිකරලා පැය බාගයක් කාබනික ගොවිතැන ගැන කියල දුන්නා නම් වඩාත් ප්‍රොයෝජනවත්... මාධ්‍ය අවකාශය පැය බාගයක් හරියට බාවිතා කරනම් ප්‍රශ්නයෙන් 50% විසදලා.. කාටවත් වෙනස් වෙන්ඩ ඕනි කමක් නැ . හොද දෙයක් කරන්න එකතු වෙන්නේ නැහැ . අවරුදු 72 ක් මොනාද කරේ කියල බැන බැන ඉමු.
Jude perera Tuesday, 19 October 2021 03:04 PM
සර්ට තේරුමක් නැහැ වගේම වටේ ඉන්න බයියන්ටත් තේරෙන්නේ නැහැ.
පිටිගල මිලානෝ Tuesday, 19 October 2021 04:20 PM
අර ඒදවස්වල පුරන් කුබුරු වගාකල අය කෝ දැන්? ඒ අය වැඩේ නවත්වලාද? මාධ්‍ය ආවරනයක් නැද්ද? හිටපු ගමන් බිත්ති පේන්ට් කරපු සේනාවත් දැන් නැහැනේ....මගෙ ගෙදරත් පාර පැත්තට තියෙන බිත්තියෙ රූප ඇදලා ගිල්ලා දවසක් රෑ.
ගමේ එකාලා Tuesday, 19 October 2021 06:02 PM
එදා එළි දක්වපු සෞභාග්‍යයේ දැක්මේ මහිමය, අද ඇස් පනාපිටම දකින්ඩ තියෙනවා. අනේද කියන්නේ?