
(චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය)
කෘෂි කර්මය විෂයකට පමණක් සීමා වී කෘෂි කර්මය උගන්වන ගුරුවරුන් පොතේ ගුරුවරුන් වෙනකොට, රටටම ආදර්ශයක් දෙමින් පාසල් භූමිය කෘෂි ගෙවත්තක් කළ විදුහල්පතිවරයකු මෙන්ම කෘෂිකර්ම විෂය බාර ගුරු පියවරුන් දෙදෙනකු ගලෙන්බිඳුණුවැවෙන් අපට හමු විය.
ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති කේ.ජී.ඩබ්ලිව්.කේ.එන් සෙනෙවිරත්න කෘෂි විද්‍යාව පිළිබද ආචාර්යවරුන් දෙපෙලක වන ඩ්ලිව්.එස් වසන්න සිරිවර්ධන හා රුවන් අමිල ජයතුංග යන දෙපළගේ කැපවීම සහ දරුවන්ගේ සහාය මත මෙම ලස්සන ගෙවත්තා නිර්මානය වි ඇත.
2016 වර්ෂයේ ගලෙන්බිඳුණුවැව මධ්‍ය මහා විද්‍යාලය පැමිණ විදුහල්පති ධුරය භාරගෙන වසර අටකට ආසන්න කාලයක් තිස්සේ විදුහලට සිදුකළ එක් කළ අපූර්වත්වයන්ට නොදෙවෙනි ආකාරයෙන් අමුතුම තාලේ ගෙවත්තක් එසේ නැතිනම් ගමක හේනක පරිසරයක් සහිත අලුත් බිමක් ගොඩනැගී ඇති මෙම ගෙවත්ත හා මෙම කෘෂි ගෙවත්ත සහිත පාසල් භුමිය තව දුරටත් මුඩු බීමක් වෙන්නට නොදී මේ අයුරින් ක්‍රමයෙන් ගොඩ නඟා ගෙන ඇත.
නුවරඑළියට ආවේණික කැරට්, බීට්, ලීක්ස්, අර්තාපල්, නෝකොල්, ගෝවා, සලාද වර්ගවලට අමතරව මෙම උතුරුමැද මෙන්ම ඌව මඩකලපුව වැනි ප්‍රදේශවල වවන ඉරිඟු, අලබතල, මයියොක්කා, සරුසාරව වවන්ටත් වස විස සහිත රට බෙහෙත් පොහොර කිසිවක් නැතිව මෙම ගෙවත්තට පාසල් සිසු සිසුවියන්ම නිෂ්පාදනය කරගන්නාවු කාබණික යෙදවුම් පාසලේදීම සකස් කරගන්නා බවද පාසල් දරුවෝ පෙන්වා දෙති.












COMMENTS
මේ සඳහා මූලිකත්වයගත් විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන්ට අපගේ ප්‍රණාමය වේවා! කෙසේ වුවත්, වස විසෙන් තොර ආහාර රටටම ලබා දෙන්න උත්සාහයක යෙදුණු නායකයාට මේ රටේ ජනතාව යැයි කියා ගන්නා අය කළ කී දෑ ගැන හිතන කොට මේ රටට වස විස නැති කෑම බීම අවශ්‍යද කියන පැනයත් ඇති වෙනවා...
ඔබලා මිහිපිට රජවරු. තව තවත් ධෛර්යය ඇතිවේවා යැයි පතමි. ජේසු පිහිටයි.
අපූරු ගෙවත්තක් .පාසල් පද්ධතියට අපූරු ආදර්ශයක් .සුභ පැතුම් ඔබට
උසස් ක්‍රියාවක්. මෙහි පලදාව වෙහෙස මහන්සි වූ දරුවන්ට සහ අදාල ගුරු භවතුන්ටම බෙදී යා නම් ඉතා උසස්.
ලස්සනයි... මේකෙන් එන ආදායමත් ස්කෝලයටම ගත්තොත් හොඳයි.
මේ සමග සම්බන්ධ වීම වටිනා දෙයක්...!
නියමයි...!
මේ වැඩ වලට දේශපාලුවෝ ගාවගන්න එපාලු .පාසලේ වටිනාකමත් නැතිවෙනවා
ඉතා හොඳයි අනෙක් අයටත් දැක බලා ආදර්ශයක් ගන්න අවස්තාව ලබා දෙන්න
විශිෂ්ටයි