රජ කාලේ කාසි දෙසීයක් ඉන්දියාවට හොරෙන් රැගෙන යාමට තැත් කළ රෙදිපිළි වෙළෙන්දෙක් කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබීය.
නිශ්ශංක මල්ල, සහස්ස මල්ල, මහාපරාක්‍රම බාහු, ලීලාවතී රැජින, බුවනෙකබා සහ දේවානමිපියතිස්ස යන රජසමයන්හි භාවිතා කළ එම කාසි වසර නවසීයකට වඩා පැරණි බවටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරන ලැදැයි ජෛව විවිධත්ව සංස්කෘතික සහ ජාතික උරුමයන් සුරකීමේ අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතා පැවසීය.
සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එම කාසි තොගය රාජසන්තක කළේය.
පසුගිය සැප්තැමිබර් 09 වෙනිදා සැකකරු මෙම කාසිතොගය තම ගමන්මල්ලේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණ සිටියදී කටුනායක ජාත්‍යන්තර දගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගැණිනි. පසුව අත්අඩංගුවට ගනුලැබූ කාසිතොගය හඳුනාගැනීම සඳහා රේගුව විසින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට යවනු ලැබීය.
සැකකරු මෙම කාසි කුරුණෑගල සහ මහනුවර ප්‍රදේශයන්හිදී මිළදී ගත් බවත් මෙසේ රැගෙන යාමට උත්සහ කළේ ඉන්දියාවට ගෙන ගොස් අළෙවි කිරීමට බවත් රේගු පරික්ෂනයේදී ප්‍රකාශ කර ඇත.
කාසි තොගය විමර්ශන කටයුතු වලින් අනතුරුව කෞතුකාගාරයට බාරදීමට නියමිත බව සමන්ත ගුණසේකර මහතා පැවසීය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරීවරුන් වන හේමන්ත බඹරරැන්ද, ප්‍රියන්ති විජේනායක සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞෂල්‍ය, අසංක ප්‍රියදර්ශන යන නිලධාරීන් විසින් සිදුකරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
738
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජ කාලෙ කාසි පන්නන්න බැරි වේ
හේමන්ත Wednesday, 24 October 2012 06:59 PM
මේවා විකුණන අයට රජ කාලේ දඩුවම් නොදී බැහැ. (නි)
දමිත් Wednesday, 24 October 2012 01:53 PM
ඇත්ත හොඳ වැඩක් . මේ වගේ දේවල් නොවෙන්න වගබලාගත යුතුයි (ස)
සුනිල් Wednesday, 24 October 2012 08:52 AM
මේවා කෞතුකාගාරයෙන් ගත් දේවල්ද කියා බැලුවොත් හොදයි. (නි)
රූපා Wednesday, 24 October 2012 10:04 AM
ඩයස්, අපේ ජාතික උරුමය හැමවෙලාවෙම අපිට පෙනෙන්නේ ලොකුවට තමයි. (නි)
වසන්ත කටාර් Tuesday, 23 October 2012 05:01 PM
අපේ රේගුවට ගොඩක් ස්තුති වෙන්න ඕන මේ වගේ වංචාවල් පිටු පස අපේ රටේ හොරෙකුත් ඇති.. කරුණා කර ඔහුත් සොයා නිසි දඩුවම් පමුණුවන්න රටේ ජාතික වස්තුන් රුක ගැනීම අපේ යුතුකමයි..!(නු)
සේනානායක Wednesday, 24 October 2012 12:27 AM
එහෙනම් දෙවියන්ගේම පිහිටයි. (නි)
ජයන්ත Tuesday, 23 October 2012 05:26 PM
මේ ටිකත් කෞතුකාගාරයට බාර දෙන්න.. මේවත් දෙයියන්නෙ පිහිටයි..!(නු)
දිනේෂ් සෞදි Tuesday, 23 October 2012 05:27 PM
ලක්ෂ්යක් දඩ ගහලා මොකටද? අපේ උරුමය විකුණන එවුන්ට ලොකු දඩුවම් දෙන්න ඕන...!(නු)
ලලිත් කටාර් Tuesday, 23 October 2012 05:39 PM
අපේ රටේ උරුමය ඩොලර් වලට විකිණීමට තරම් පොඩි කෙනාගේ පටන් ඉහළම අය ඇප කැප වෙලා තියෙන්නෙ.. තව ටික කලක් යනකොට අපේ ඉතිහාසය පැරණි පාඩම් පොත්වලටම සීමා වේවි...!(නු)
කැනඩා ඩයස් Wednesday, 24 October 2012 03:58 AM
ඔයාලට මේවා පේන්නෙ ලොකුවටද? (නු)
ඔසඳ Wednesday, 24 October 2012 01:38 PM
රේගුවට අපගේ උත්තමාචාරය (ස)
සිල්වා Tuesday, 23 October 2012 06:17 PM
මෙයා දන්නෙ නැතුව ඇති අරගෙන යන්න ඕනෑ ක්‍රමය. (නි)