කැබිනට් නොවන අමාත්‍යවරු  තිදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
 

කැබිනට් නොවන අමාත්‍යවරු 

01- හර්ෂ ද සිල්වා මහතා  - පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ   අමාත්‍ය

02- අජිත් පී. පෙරේරා මහතා - ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය

03- සුජීව සේනසිංහ මහාතා - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය 

 

රාජ්‍ය අමාත්‍යවරු

04- රන්ජන් රාමනායක මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

05- විජයකලා මහේෂ්වරන් මහත්මිය - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය

06- ජේ.සී. අලවතුවල මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා
හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

07- ඉරාන් විරක්‍රමරත්න මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය

08 රංජිත් අලූවිහාරේ මහතා - සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 

09- වසන්ත අලූවිහාරේ මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය

10- ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය

11- නිරෝෂන් පෙරේරා මහතා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය

12- රුවන් විජයවර්ධන මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

13- චම්පිකා ප්‍රේමදාස මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය

14- අශෝක අබේසිංහ මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය

15 ෆයිසාල් කාසීම් මහතා - සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය

16- එච්.එම්.එම්. හාරීස් මහතා - පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

17- අමීර් අලී මහතා - කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය

 

18- දිල්ප් වෙදආරච්චි මහතා - ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

19- ඒ. ඉසෙඩ්.එම්. සෙයිඩ් මහතා - සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

20- වඩිවෙල් සුරේෂ් මහතා -  වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 

 
නියෝජ්‍ය අමාත්‍යවරු 

21 අනෝමා ගමගේ මහත්මිය - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

22- එඩ්වඩ් ගුණසේකර මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු , නියෝජ්‍ය අමාත්‍ය 

23- නලින් බණ්ඩාර ජයමහා මහතා - සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය

24- අජිත් මාන්ප්පෙරුම මහතා - පරිසර නියෝජ්‍ය අමාත්‍ය

25- කරුණාරත්න පරණවිතාන මහතා - නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය

26- බුද්ධික පතිරණ මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය

27- පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය