IMG-LOGO

රාජ්‍ය සහ සංස්ථා පාඩුව කෝටි ලක්ෂය ඉක්මවයි

(අජන්ත කුමාර අගලකඩ)

රාජ්‍ය සංස්ථා මණ්ඩලවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

රාජ්‍ය සංස්ථාවල පාඩුව රුපියල් කෝටි ලක්ෂයක් පමණ වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවැති මන්ත්‍රීවරුන්ගේ වැඩමුළුවකදී ද ප්‍රකාශ කර ඇත

මෙසේ පාඩු ලබන රාජ්‍ය සංස්ථා මණ්ඩල අතර, ශ්‍රී ලංකන් ගුවන් සමාගම,ලංකා විදුලිබල මණ්ඩලය,ශ්‍රී ලංගම,ඇතුළු ආයතන ප්‍රධාන තැනක් ගන්නා බව ද පැවසේ.

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ද රජය මේ වන විට අවධානය යොමු කර ඇත්තේ,එම ආයතන ලබන මෙම දැවැන්ත පාඩුව රජයට තවදුරටත් දරා ගත නොහැකි බව පවසමිනි .

 



අදහස් (9)

රාජ්‍ය සහ සංස්ථා පාඩුව කෝටි ලක්ෂය ඉක්මවයි

Rohana Saturday, 10 September 2022 10:41 PM

හොරකම නාස්තිය දූෂනය අනවශ්‍ය පරිදි සේවකයන් බදවාගැනීම සංස්ථාවල පාඩු ඇතිවීමට හේතුවී ඇත.

:       0       31

Demuni Uduwara Sunday, 11 September 2022 04:35 AM

The accountable should be penalized, first !

:       0       18

Malika Sunday, 11 September 2022 06:54 AM

පුදුමයි. ඔය එකක්වත් මහජනතාව මුදල් නොදී අරගෙන නෑ. ඕවායේ ඉන්න වන්දි බට්ටයින්ට පඩි, අමතර දීමනා, සැප කාර්, ඉන්ධන දීමනා, නිකං පිටරට ටුවර් පවුල් පිටින් යන්න, ඔන්න ඕවායින් තමයි පාඩු ලබන්නේ. ඡන්දයක් ඉවර වුණු ගමන් පත්වෙන ඇමතිගේ නූගත් හෙන්චයියලා පුරවනවා. මේ ක්‍රමය වෙනස් නොවෙනකම් අපේ රට ඔතැනමයි. දැන් කොහොමත් උගත් දරුවන් රොත්ත පිටින් පිටරට යනවා. ඉදිරියේදී හිතාගන්නකෝ තවත් හොරු පාර්ලිමේන්තුවේ ඉන්න යන විදිය. දුකයි අපේ රට ගැන...!

:       0       0

ravin Sunday, 11 September 2022 07:56 AM

අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන හැර අනිකුත් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම හෝ වසා දැමීම තමයි කළ යුත්තේ. සමහර තැන්වල එක ආයතනයකින් කරගත්ත හැකි වැඩ කොටස තව ආයතන කීපයකට ගොස් නැවත මුල්ම ආයතනයට පැමිණ නිම කළ යුතු වේ. පාඩු ලබන බොහෝ ආයතනවල අනුයුක්ත කර ඇත්තෙ දේශපාලු හෙංචයියන්.

:       0       30

පුරවැසියෙක්....ගම්පහ. Sunday, 11 September 2022 09:25 AM

මෙම ආයතන පාඩු ලැබීමට හේතුව පාලකයින් ලෙස දේශපාලන සහ ඥාති සබදතා මත අදක්ෂ පුද්ගලයින් පත් කිරීම , එම ඉහළ නිලධාරීන්ට අධික වැටුප් ගෙවීම, ආයතන පාඩු ලැබූවද වාර්ෂික බෝනස් ගෙවීම , වාර්ෂිකව සේවක වැටුප් වැඩි කිරීම , සේවක අතිරික්තය , වෘත්තීය සමිතිවල අවශ්‍යතාවයන් අනුව ආයතන මෙහෙයවීම යන හේතුවී ඇති බවක් පෙනී යන බැවින් කවුරුන් විරුද්ධ වූවද පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ලම ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුය. ( මහ බැංකු අධිපතිවරයාට රටේ ජනතා ප්‍රසාදය.)

:       0       33

රසික Sunday, 11 September 2022 10:06 AM

අධ්‍යාපනය හා සෞඛ්‍යය හැර සෙසු සියල්ල ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.

:       0       0

siri Sunday, 11 September 2022 12:54 PM

ආසියාවේ ආශ්චර්ය සෞභාගයේ දැක්ම ඔය පේන්නෙ හොඳට.

:       1       5

sampath Sunday, 11 September 2022 06:53 PM

මේවා වහලා දාන්න. ජනතාවට වද නොදී මේ ආයතන නෑ කියලා ලොකු පාඩුවක් වනේන නෑ. මේවා උස්සන් යන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ හාල් ඇටෙන් පරිප්පු ඇටෙන් පාන් රාත්තලෙන් ගහන බදුවලන්.

:       0       1

විපරමා Monday, 12 September 2022 12:39 AM

දේසපාලුවන්ගේ හෙන්චයියලට සබාපතිකම් දුන්නා.නුසුදුසු පුද්ගලයන්ට තනතුරු දුන්නා. වැඩි පඩි ගෙව්වා. නාස්තිය ,දූෂණය, පින් පඩි කාරයො, නිසා රාජ්‍ය ආයතන බන්කොලොත් වෙන එක අරුමයක් ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site