(ඩයනා උදයංගන)
‘සයිටම්’ අහෝසි කරන බවට රජය ගෙන ඇති තීරණය හා ඊට හේතු වූ කරුණු ද සහිතව මේ මස 13 වැනිදාට පෙර නීතිපති දෙපාර්තමේන්තුව හරහා අධිකරණයට දැනුම් දීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළහොත් වෘත්තීය ක‍්‍රියාමාර්ගයන්ට එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එසේ නොකර රජයේ ස්ථාවරයට පටහැනි ස්ථාවරයක් අධිකරණයෙන් මතුවුවහොත් මෙය නැවත අර්බුදයක් බවට පත්වනු ඇතැයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.
වෛද්‍ය හරිත අලූත්ගේ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම වෛද්‍ය පීඨය අහෝසි කිරීම මෙන්ම මෙහි මුලාවට හසුවූ ශිෂ්‍යයින්ට සාධාරණය ඉටුකිරීමට ද ජනාධිපතිතුමා විසින් පත්කර ඇති කමිටුව ක‍්‍රියා කළ යුතු බව වෛද්‍ය හරිත අලූත්ගේ මහතා සඳහන් කළේය.
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ
ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම
ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.
වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
රජයේ තීරණය අධිකරණයට දැනුම් දෙන්නයි වෛද්‍යවරු කියති
Samantha Thursday, 09 November 2017 06:26 PM
ආන්ඩුව මොන විසදුම් දුන්නත් එවා උසාවියට ඉදිරිපත් නොකලේ නම් ප්‍රශනය අවසන් නොවේ..
Ravi Thursday, 09 November 2017 07:06 PM
තව මොනවාද ? අපි ගෙවල් වල උයනදෙත් ඔබලාට දැනුම් දෙන්න ඕනද ? අපේ ළමයි අතින් වියදම් කරලා උගන්වනවාද කියලා ඔබට දැනුම් දෙන්නඕනද ? මම දෙවියන්ට කියන්නේ මේ රටේ හැම දොස්තර කෙනෙකුටම වසරක් පතා අලුත් වෙන බලපත්‍රයක් ලබා දෙන ක්‍රමයක් ස්ථාපිත වේවා කියලා . ජනතා බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් වියදම් කර ඉගෙන ගත්තා මදිවාට , චැනල් වලින් මදි නොකියන්න හම්බ කරනවා මදිවාට රටේ පරිපාලනයටත් ඇඟිලි ගහනවා. මට පෙනෙන හැටියට මේඋදවිය හිපොක්‍රටිස් ප්‍රතිඥාව නෙවෙයි ඇනොෆිලිස් ප්‍රතිඥාව දීලා තියෙන්නේ. තමන්ට ඉගෙනීමට බදු ගෙවපු ජනතාවට වර්ජන වලින් සංග්‍රහ කරමින් රටේ මිනිහෙක් අතින් වියදම් කරලා මළපොතේ අකුරක් ඉගෙන ගන්නවාට අකමැති කුහකයෝ ! තමුන්නාන්සේලා පිටරට රැකියාවල් කරන කොට ඒ රටේ නීතියට ගරු කරලා පුසෝ වගේ වැඩ තමන්ගේ දොස්තර වැඩේ කරනහැටි , පිටරට ඉන්න ලාංකිකයන් අපිත් එක්ක කියලාතියෙනවා.
aseFriday, 10 November 2017 10:33 AM
හරියට හරි, ඒකනම් හරියටම හරි, ඕක ලාංකික දොස්තරලම කියනවා
ධනුෂ්ක Friday, 10 November 2017 12:18 AM
මේ අායතනය අාරම්භයේ ඉඳලම බොරුවෙන් මුලාවෙන් රඟපෑමෙන් පවත්වාගෙන ගිය අායතනයක්. ලෝකේ උගතුන්, බුද්ධිමතුන් දාර්ශනිකයින් කියා තිබෙනවා අධ්යාපනය ලාභ ලබන වෙළඳ භාණ්ඩයක් නොවිය යුතුයි කියලා. මොකද ව්‍යාපාරිකයන්ගේ අරමුණ අඩුම පිරිවැයෙන් අඩුම කාලයකින් අඩු මහන්සියෙන් වැඩිම ලාභ ලැබීම. රජය නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන ගමන්. රජය විසින් ලාභ නොලබන වියදම පමණක් අය කරන අායතන පවත්වාගෙන යාමේ වරදක් නොමැත.
සාරාසී Friday, 10 November 2017 03:00 PM
ඇයි ධනුෂ්ක බොරු කියන්නේ ... ඔයා ඔය දැනගෙන ද කියන්නේ .....? ඕකෙන් එළියට ඇවිත් දැන් ස්පෙෂලිස්ට්ලාත් ඇතුළු 85 ක් දොස්තරලා ඉන්නවා .... ඒ මනුස්සයා එක්ක මෙච්චර වෛරයක් ඇයි...? ඒත් හොඳ දොස්තර කෙනෙක් නේද...?
කසුන්Friday, 10 November 2017 04:27 PM
මොකක්? මොකෙන්ද ස්පෙශලිස්ට්ලා ඇතුලු 85ක් පිටවෙලා තියෙන්නේ?
බුශල් පෙරෙරාSaturday, 11 November 2017 09:26 AM
මුලින්ම මෙයට දෙමව්පියවරු වගකියයුතුයි. එනම් ආයතනය පැහැදිලි ලෙස අනුමත වී නැතිව දරුවන් ඇතුලු කිරීම. මෙහි දිගින් දිගටම අනුමැතිය අඩමානයේ තිබුනෙ. ඒ ගොල්ලන් පවත්වාගෙන ගියාට අපි මොකටද ගැටලු සහිත තැනකට රිංගුවේ. ඔවුන් අවංක නම් වෙඩි තබාගනීමේ නාඩගමක් නැටුවේ මොකද? පත්කල කොමිසම මෙය අපරාධ සිදුකරන ආයතනයක් ලෙස හඳුනාගත් බව පුවත් පතේ පලවිය. ඒවා ගැන දැන් නො කතා.
buddika Friday, 10 November 2017 02:18 AM
මේ කතාවෙත් ඇත්තක් තියෙනවා, සැගවුණු ගේමක් කියලත් පේනවා. මුදලාලි තාම මුකුත් කිව්වෙත් නැනේ
Kamal Friday, 10 November 2017 02:41 AM
මේ රටට ගැළපෙන්නේ ගෝඨාභය මහතා වගේ පාලකයෙක්. වෘත්තීය සමිති වලට ඕන විදිහට රටක් පාලනය කරනවානම් අපි ඡන්දෙ දුන්නේ මොකටද? මුදල් නාස්ති නොකර වෘත්තීය සමිති වලට විතරක් ඡන්ද බලය දුන්නනම් ඉවරනේ.
sas Friday, 10 November 2017 04:20 AM
මේ දොස්තරලව කිසිදවසක සතුටුකරන්න බැහැ
Kumar (Galf) Friday, 10 November 2017 04:55 AM
ඉතාමත් කාලෝචිත හා වැදගත් තීරණයක්
sam Friday, 10 November 2017 06:06 AM
මීට කලින් සයිටම් සම්බන්ධව උසාවි තීන්දුවක් දුන්නාම ජි එම් ඕ ඒ එක ඒ තීන්දුව පිළිගත්තේ නැතිව උසාවි තීන්දුවටත් විරෝධීව කටයුතු කළා නේද ?? දැන් මොකද උසාවිය හොඳ වෙලා තියෙන්නේ ?? කන්න හිතුනාම කබරගොයාත් තලගොයා වෙනවාද ?? එහෙම නැත්නම් මස් රාත්තලම ලැබිලාත් තවත් ස්ට්‍රයික් කරන්න හේතුවක් හොයනවාද ??
Lasith Friday, 10 November 2017 07:34 AM
ඒ දොස්තර මුදලාලි මොකුත් කිව්වේ නැති උනාට, අනිත් දොස්ටර මුදලාලිලා ඕන තරම් කියවනවානේ. මේක ඒ දොස්ටර මුදලාලිට වැඩිය පොඩි දොස්ටර මුදලාලිලාට හම්බ කරගන්න කරන සටනක් විතරයි.
dias Friday, 10 November 2017 02:56 PM
ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල 10 ක් වත් ඇති කල යුතුයි.