IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


රජයේ තෑග්ගක් ඇමැති ෆවුසි ගෙදර ගෙනිහින්?

රජයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් දස ලක්ෂ හැත්තෑ තුන් දහසක් වංචා කළැයි කියන නඩුවකට   නොවැම්බර 28  වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ආපදා කළමනාකරණ හිටපු ඇමැති සහ වත්මන් රජයේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කළේය.

හදිසි ආපදා අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගැනීමට නෙදර්ලන්තයෙන්  ලැබුණු රුපියල් එක්කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා ජීප් රියක් 2011 සිට 2014 දක්වා තම පෞද්ගලික ප්‍රයෝජනයට ගත්තේයැයි චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසමෙන් එම නඩුව පවරා තිබේ.



අදහස් (0)

රජයේ තෑග්ගක් ඇමැති ෆවුසි ගෙදර ගෙනිහින්?

ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 04:04 PM

ෆවුසි කියාවි මම මේ තෑග්ග සාක්කුවේ දමාගෙන ගෙදර අරන් ගියේ නැහැ, ජීප් රථය මාව එ්ක ඇතුළේ දමාගෙන අපේ ගෙදර ගියා. මම නෙමෙයි වැරදිකාරයා, මේ ජීප් රිය තමා වැරදිකාරයා. මේක පිටරටකින් ලැබුන නිසා මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටසක් කියලා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 08 October 2016 04:08 PM

බමුණුට බය නැතුව ඔට්ටු අල්ලන්න පුළුවන්. ලංකාවේ උසාවියක් මේ නඩුව අඩුමතරමේ වසර 20-30 වත් අහයි. (නි)

:       0       0

දුමිඳු Friday, 07 October 2016 08:56 AM

එල ෆවුසි !!!. (බ)

:       0       0

කවිතා Friday, 07 October 2016 08:57 AM

එල පවුසි (බ)

:       0       0

වින්සන්ට් Friday, 07 October 2016 09:13 AM

බමුණු මහතා නුවර සිට කොළඹට බඩ ගාන දිනය ඉක්මනින්ම පැමිණීමට අපි ප්‍රර්ථනා කරමු. ඒ මහතාගේ ලිපිනයක් සමඟින් ප්‍රකාශය පළ වී නම් මැනවි. නැති නම් අපේ දේශපාලකයන්ගේ පොරොන්දු,ප්‍රකාශ වගේ වෙන්නට පුළුවන. (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Saturday, 08 October 2016 09:13 PM

ඒ ඉතින් රජතුමාගේ අැමති මණ්ඩලයේ ඉන්න කාලේනේ (නි)

:       0       0

නිශාන් Friday, 07 October 2016 09:49 AM

එක අතකට බමුණුගේ කතාවත් හරි. එයා කියන්නේ ඕවා කෙරෙන වැඩ නොවෙයි කියන එකනේ. (නි)

:       0       0

රමණි Sunday, 09 October 2016 02:19 AM

නිදහස් පෙරමුණේ මුසම්මිල් ඇතුළට දැම්මෙත් ඔය චෝදනවාටමනේ. දැන් ෆවුසිට මොකද කරන්නේ. (නි)

:       0       0

නිමල් ද සිල්වා Friday, 07 October 2016 06:29 AM

අනේ පවුසි පව් (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 07 October 2016 06:56 AM

අනේ මන්ද දුප්පත් මිනිහෙක් පොල් ගෙඩියක් හොරෙන් කැඩුවත් අල්ලලා හිරේ දාන රටේ මේවානම් දෙවියෝම බලාගන්න ඕන (බ)

:       0       0

බමුණු Friday, 07 October 2016 06:57 AM

හරියට හරි නඩු දාන්න, අයකර ගන්න හිරේ දාන්න. ඔය වංචා කාරයෝ එකෙක්වත් හිරේ දැම්මොත් මම නුවර සිටන් කොළඹට බඩගානවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 218 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site