මැතිවරණය පැවැත්වෙන පළාත්හි රාජ්‍ය උත්සව දේශපාලනමය ස්වරුපයක් ගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අපේක්ෂක ජයග‍්‍රහණය සඳහා රාජ්‍ය සම්පත් යොදා නොගන්නැයි මැතිවරණ කොමසාරිස් ඉල්ලා සිටියද සමහර ආයතනවල දේපළ වාහන මෙන්ම සේවකයින්ද අපේක්ෂක ජයග‍්‍රහණයට උඩගෙඩි දීමට යොදාගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා කියයි. ඡන්ද විමසීමක් සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය ප‍්‍රසිද්ධ කළ දින සිට ඡන්ද විමසීම අවසන් වන තෙක් පක්ෂයක ජය උදෙසා රාජ්‍ය සම්පත් යෙදවීම සාධාරණ හා අපක්ෂපාතී ඡන්ද විමසීමක් බරපතල ලෙස අපයෝජනය කිරීමකැයිද එය අවසන් ප‍්‍රතිඵලයට බලපාන බවද පරිපාලන සේවා සංගමය ලිපියකින් ඡන්ද කොමාසාරිස්ට දන්වා ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
”රජයේ උත්සවෙන් සංධානෙට උඩ ගෙඩි”
ප්‍රවීන් - මැනිලා Thursday, 23 August 2012 06:07 PM
මීට වැඩිය වැදගත් දේවල් තව ගොඩක් තියෙනවා කතා කරනවා නම්. (නි)
සේනානායක Thursday, 23 August 2012 03:33 PM
කන්න ඕනෑ වුණහම කබරගොයත් තලගොයා වෙන රටේ ඕවා මොනවද? (නි)
ෆාරු Thursday, 23 August 2012 11:11 AM
කෝ අර නලු නිළියෝ ටික? (නි)
ජයශ්‍රී Thursday, 23 August 2012 11:21 AM
රටේ මොනවද වෙනස් නොකර තියෙන්නේ? සහ රටේ මොනවටද ගරු කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරු වෙලා තියන එකම දේ අපි ඉස්සර හණමිටි අදහස් කිව්ව ආගම දහම විතරයි. (ස)
අමිල කටුනායක Thursday, 23 August 2012 12:27 PM
රාජ්‍ය උත්සව ඉතිං මතක් වෙන්නේ මෙහෙම කාල වලටනේ. (නි)