IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රාජ්‍ය ආයතන 42ක් කෝටි 9000ක් ණය වෙලා

(රංජන් කස්තුරි)

රජය සතු වාණිජ ව්‍යාපාර 42ක් මේ වනවිට බැංකුවලට රුපියල් කෝටි 88913ක් ණයවී ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 3174ක් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 38255ක් ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් කෝටි 23765ක් ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි 4226ක් ද සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටි 3852ක් සහ සීමාසහිත ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම රුපියල් කෝටි 9158ක් ද ආදී වශයෙන් බැංකුවලට ගෙවිය යුතු ණය තිබෙන බව එහි දැක්වේ.

 

 



අදහස් (14)

රාජ්‍ය ආයතන 42ක් කෝටි 9000ක් ණය වෙලා

one srilankan Monday, 31 July 2017 12:51 PM

දෙවියනේ මෙච්චර ණය කන්දරාවක් තියාගන්නේ රාජිත දත් දොස්තර මහතා, නෙවිල් මහතාගේ රෝහල අරන් කොටි 70 ගන්නේ.. මේකට නාස්ති කරන්න යන්නේ... මේවා හෙන ගහන අපරාධ...

:       506       467

himalMonday, 31 July 2017 02:27 PM

මේ හැම ආයතනයක්ම ලංකාවේ මිනිස්සු දේශපාලකයෝ පස්සේ ගිහින් රිංගන්න හදන තැන්. ඒවා ‍රැකියා බැංකු වෙලා. ඉතින් මෙහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. තව කෑගහලා සයිටම් එකත් ආණ්ඩුවට ගත්තාම මේක ඩබල් වෙනවා. මොකද ඕන එකයි, එපා එකයි හැම එකම ආණ්ඩුවෙන් කරවා ගන්න බලන පිනාලනේ ඉන්නේ...

:       0       188

NuwanMonday, 31 July 2017 05:53 PM

ඔබට මල් මිටක් සත්‍ය කතාකලට , දේශපාලකයෝ පස්සේ වැඳගෙන ගිහින් සුදුසුකම් පළපුරුද්ද නැති අය රැකියා ලබන්නේ මේ ආයතනවල .ඉහල සිට පහලටම අතිරික්ත සේවකයෝ සංඛ්‍යාවක් ඉන්නවා , චන්ද වැඩවලට පෝස්ටර් ගහන්න වේදිකා හදන්න හැමදේටම යන්නේ මෙයාල , අසාර්ථක කළමනාකාරිත්වය හොරකම නිසා මේ ආයතන සුදු අලි වෙලා , අඩුගානේ නිකන් ලැබෙන ජලයවත් කළමනාකරණය කරගෙන අදායම් ලබාගන්න බැරිවෙලා. පුද්ගලික අංශයේ ආයතන දිහා බලන්න කොතරම් සාර්ථක ක්‍රමවේද මගින් වාසි ලබනවද කියල ,දේශපාලකයෝ වගේම වැඳගෙන යන අයත් වගකියන්න ඕන ලංකාවට අබසරණයි

:       0       72

chamaraMonday, 31 July 2017 03:09 PM

වන් ශ්‍රී ලංකා, එතකොට කොළඹ ජාතික රෝහල ලාභ ලබන ආයතනයක්ද? අනික් ඉස්පිරිතාලවලට වගේම නෙවිල් ප්‍රනාන්දු රෝහලටත් සල්ලි දාන්න ඕනෑ. ජාතික රෝහල හදන්නත් සල්ලි ගියා. නඩත්තු කරන්නත් සල්ලි ගියා.. නෙවිල් රෝහල නඩත්තුවට විතරයි සල්ලි යන්නේ. ඉතුරු ඔක්කොම ඉතුරුයි. ජාතික රෝහලෙන් වෙන දේම තමයි මේකෙන් වෙන්නෙත්. ළිං මැඩියෙක් විදියට හිතන්න එපා...

:       213       408

sameeraTuesday, 01 August 2017 03:42 AM

නුවන්, ඔය කතාව කිව එක්කෙනාටත් මල් නෙමේ ගල් තමා දෙන්න වෙන්නේ, එයා ඇමතිකම් කරපු තැන් වලට පුරවපු පිරවිල්ලයි සල්ලි වියදම් කරපු විදියයි දැක්කනම්

:       0       0

mohanTuesday, 01 August 2017 04:40 AM

ඔබ දැන හෝ නොදැන හොද දෙයක් කියල තියෙන්නේ. පුද්ගලික අංශයේ තිබිය යුතු එසේ තිබියදී එහි දියුණුවට රජය සහාය දිය යුතු නෙවිල් ප්‍රනාන්දු රෝහල වැනි ආයතනයක් රජයට පවරාගෙන එයත් ජනතා මුදලින් නඩත්තු කරන පිනට බෙහෙත් දෙන රෝහලක් බවට පත් කිරීමට වග කිව යුත්තේ රජය නොවේ. හැම දෙයක්ම පිනට බලාපොරොත්තු වන රජය හැම දෙයක්ම කල යුතු බව හිතන අය සිටින රටක් කවදා දියුණු වෙයිද?

:       0       1

indra Monday, 31 July 2017 01:05 PM

බය වෙන්න දෙයක් නෑ. විකුණන්න දේවල් තියෙනවනේ ?

:       127       81

Vipula Monday, 31 July 2017 01:42 PM

මේවා ඒවාට සම්බන්ධ රාජ්‍ය ඇමතිතුමා, අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සමගම විකුණන්න.

:       34       65

krishanthaTuesday, 01 August 2017 03:20 AM

මසුරන් කතාව ......

:       0       0

lalith Monday, 31 July 2017 06:23 PM

හම්බන්තොට විකුණලා ගන්න සල්ලි වලට දැම්මම ගණන් පෙන්නලා ඉවරයි වගේ?

:       0       0

Ruwan Tuesday, 01 August 2017 03:08 AM

එකතුව 9000 ට වැඩිනේ

:       0       0

rocky Tuesday, 01 August 2017 03:11 AM

මේකට තමයි සංවර්ධනය කියන්නේ! ණය වලින් සංවර්ධනය වීම. දේශපාලු කෙරුම්කාර බලෙන් මහා පුටුවලට ආරුඩ වෙලා තඩි පින් පඩි, සැප කාර්බාර්, රජ නිල නිවාස,පන්දම් උපදේශක ආදී දීමනා ලබමින් පවුලේ හතර වරිගයට මදි නොකියන්න පිල්ලි ගහමින් දිවිය ලෝක සැප විඳින කුම්භාණ්ඩයන් මෙම ආයතනවල මොන තරම් ඉන්නවා ඇද්දැයි අපට හිතා ගන්න අමාරු නැහැ!

:       0       0

Dil Tuesday, 01 August 2017 04:49 AM

මේ හදන්නේ ඉතුරු ටිකත් විකුනන් කන්න

:       0       0

බණ්ඩාර(කැකිරාව) Tuesday, 01 August 2017 05:18 AM

යහපාලන ආණ්ඩුව මේ සැරසෙන්නේ ඉහත සදහන් සියලුම ආයතන විකුණා දැමීමටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1982 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site