IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


රාජිත දැව සංස්ථා සභාපතිට සහතිකයක් දෙන්න යයි

(විනීතා එම් ගමගේ)

රාජ්‍ය  දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්කර ඇති තැනැත්තා පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ  කළේය.

අල්ලස් සිද්ධියක් මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යමණ්ඩල ප‍්‍රධානියා එම තනතුරේ සිටින බව තමන් දන්නේ ඔහු අත් අඩංගුවට පත්වීමෙන් පසුව යැයි ද හෙතෙම සඳහන් කළේය. 

තමන් ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී එම අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මහානාම මහතා කටයුතු කළ බව ද හෙතෙම කියා සිටියේය.  

එවකට මුල්ලේරියාවේ රෝහලට යාබද ව තිබු ඉඩමක් චොක්ලට් සමාගමකට දී තිබු සිද්ධියක් සිහිපත් කළ අමාත්‍යවරයා එහි ගිවිසුම අවසන්ව තිබියදීත් එය යළි පවරාගන්නට ගිය අවස්ථාවේ ලේකම්වරයා  සමාගම වෙනුවෙන්  පෙනී සිටියේ යැයි ද සිහිපත් කළේය. 

ඔහු සමාගම් හා සමීපව කටයුතු කළ බව එවක  පටන්ම තමන් වටහා ගෙන සිටියේ  යැයි ද ඔහු තවදුරටත් පැවැසුවේය. 

අල්ලස් සිද්ධිය මත ඔහු සමඟ අත්අඩංගුවට පත් දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා තමන්ට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරියට  ගිය පුද්ගලයා යැයි ද හෙතෙම කියා සිටියේය. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (8) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 



අදහස් (8)

රාජිත දැව සංස්ථා සභාපතිට සහතිකයක් දෙන්න යයි

රවින් Tuesday, 08 May 2018 02:22 PM

"කියන්නා කොහොම කිවත් අසන්නා සිහිබුධියෙන් ඇසිය යුතුවේ" කියලත් කීවලු.

:       15       101

අප්පුහාමි Tuesday, 08 May 2018 03:55 PM

ඔය ඔක්කොම එකම මල්ලේ. ඕවා දිහා බලන් ඉන්න, කියන දේවල් අහන අපිට තමයි මඩු වලිගෙන් තලන්න ඕන.

:       9       200

Bamunuarachchi Wednesday, 09 May 2018 01:23 AM

අසුනොවී වැඩේ දෙනහැටි කියලා දෙන්න වෙන්න ඇති. නැතිනම් මොන බම්බුවකටද තමන්ට අදාළ නැති අමාත්‍ය අංශයක නිලදාරියෙක් හම්බුවෙන්නේ. රජයේ අවශ්‍යතා වෙනුවෙන් නොව සමාගම් වෙනුවෙන් නිලදාරියෙක් පෙනී සිටිනවානම් ඒ ඇයි කියා තේරුම් ගන්න බැරිද මෙයාට. ඕවා අර 62 ට කියන්න.

:       13       5

vidya Wednesday, 09 May 2018 02:30 AM

ඔය වෙඩේට ඕනේ වනාන්තරයේ ගස් කොළ අඳුනන සතා සිඋපාවාට කරුණාව දක්වන මිනිහෙක් හෝ ගැහෙනියක්. ඒක තමිය් නියම සහතිකය. ඔබතුමා ඉස්පිරිතාල ටික බෙහෙත් ටික හරියට කොරන්නකෝ

:       0       13

sensa Wednesday, 09 May 2018 02:54 AM

මේ කථා කරන්නේ ඉතාමත් පාරිශුද්ධ චරිතයක් නිසා අපිව ගොඩාක් සංවෙිදී වුණා.

:       0       170

Upali Wednesday, 09 May 2018 02:59 AM

ජනතාව හොරුන්ට මිනීමරුවන්ට කුඩු මුදලාලිලාට සහතික දීලා පාර්ලිමේන්තු යවනවා. ඒ ගොල්ල අල්ලස් දූෂණවලින් කප් ගහපු උන්ට සහතික දීලා උසස් තනතුරු වලට පත් කර ගන්නව.

:       0       8

Sathyayaa Wednesday, 09 May 2018 03:46 AM

මෙයාට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කළා කියන්නේ වහ කෑව වගේ වැඩක්. බළලා මල්ලෙන් පැනල.

:       0       224

hira Wednesday, 09 May 2018 08:34 AM

මේ කතා ඔක්කොම කියන්නේ ඉතාමත් අවංක, ඉතා පාරිශුද්ධ කෙනෙක්. මේ ජෝක් අහලා, දැකලම අපිට තෝන්තු වගේ. මේ අය ඔක්කොම මාධ්‍ය ඉදිරියේ බයිලා කෙලින්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31526 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13865 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site