(රෝෂන් තුෂාර)
පසුගිය ජුනි මාසයේ සිට අධිකරණය මගහැර සැඟව සිටින වා යැයි කියන හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතාට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට බල කෙරෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විශේෂ මෝෂමක් ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන ඇත.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරින්තු ලබා සිටින සැකකාර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට තවදුරටත් නොහැකි වී ඇති බැවින් මෙම විශේෂ මෝෂම ගොනු කරඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය ප්‍රකාරව කිසියම් නිශ්චිත දවසකදි අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීම සඳහා බල කෙරෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මෝසම ගොනුකර ඇති අතර සැකකරු අධිකරණ නියෝග පරිදි එසේ ප්‍රකාශයක් ලබාදීමට තවදුරටත් මගහැරියහොත් සැකකරුගේ දේපළ තහනම් කිරීම සඳහා ඉදිරි පියවර ගැනීමට අල්ලස් කොමිසමට නිත්‍යනුකූල අයිතිය ලැබෙන පරිදි මෙම මෝෂම ගොනුකොට ඇත.
සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය මගහරිමින් සැඟව සිටින බවට පවසමින් මෙම විශේෂ මෝෂම ගොනුකර ඇති අතර අදාල විමර්ශන සිදු කරන අල්ලස් කොමිසමේ ස්ථානාධිපතිවරය හා විමර්ශනන නිලධාරියා විසින් මෙම මෝෂම අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම විශේෂ මෝෂම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ අද කැඳවීමට නියමිතය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාජිතගේ දේපළ තහනමට අල්ලස් කොමිසම සැරසෙයි
Angna Kouross Wednesday, 20 August 2025 01:43 PM
එතකොට නැව් ටික මොන පොලිසියටද ගේන්නේ?
Diyasen Sarath de silvaWednesday, 20 August 2025 03:18 PM
ත්‍රිකුණාමල වරාය පොලිසිය.
කපුරුහාමි Wednesday, 20 August 2025 02:47 PM
එහෙට මෙහෙට හේත්තු වේවී සදහටම බලයේ ඉන්න හදපු ආත්මාර්ථකාමී අවස්තාවාදී දේශපාලුවෙක්. මහින්දගේ දෑත් ශක්තිමත් කරපු ගමන් දත් ගලවන්නත් ඇති...!
Pa Ra Wednesday, 20 August 2025 07:17 PM
ඒ වුණාට එයාගේ නැව් ටික ගන්න බෑනේ ඒවා ටිනි පිටනේ... එයා බබානේ අනේ...