කොළඹ රාජගිරිය කොස්වත්තේදී ඩිපෙන්ඩර් රියකින් පැහැරගත් බව කියන පුද්ගලයකු රෝහල්ගත කළ බවත් ඔහු කිසිත් කතා නොකරන බවත් පොලිසිය කියයි. වෛද්‍යවරයකු බව කියන මොහු සිය කාරයෙන් යද්දී ඩිපෙන්ඩර් රියකින් ආ පිරිසක් ඊට බලෙන් නංවාගෙන ඇත. ගිනිගත්හේන කළුගල මිල්ලගහමුලදී ඔහුගේ මෝටර් රථයද සොයා ගෙන තිබේ. පැහැරගත් පිරිස මෝටර් රිය පදවාගෙන එන්නට ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජගිරියෙන් පැහැරගනී
අමිල Wednesday, 25 July 2012 06:44 PM
මොහුගේ ජීවිතේ බේරුණු එකම ලොකු දෙයක්. (නි)
ලාල් ගලබඩ.... Wednesday, 25 July 2012 07:57 PM
දොස්තර මහතා පැහැරගත් තැන තිබී,ඩිෆෙන්ඩර් රථය ධාවනය කරගෙන ආ අය පාවිච්චි කළා යයි සැක සිතිය හැකි බීඩි කොට හතරක් සොයා ගෙනලු ඒ හෝඩුවාව අනුව රහස් පොලිස් පරීක්ෂණ කරගෙන යනවලු....(ස)
සෙනරත් Wednesday, 25 July 2012 01:49 PM
කතා කරන්න එපා කියලා නිදහස් කරන්න ඇති. නැත්නම් ඉතිං මරණය තමයි. මේක අපේ ලංකාවනේ. (නි)
ෆාරු Wednesday, 25 July 2012 02:01 PM
සෙනරත්, ඔබ නිවැරදියි. (නි)
දොස්තර මහතය Wednesday, 25 July 2012 02:18 PM
"මගේ රථය පදවාගෙන ගිය මතකයි එට පස්සේ ඉස්පිරිතාලේ ඉන්නවා විතරමයි මතක...." (දී)
බන්දුල -හෝමාගම Wednesday, 25 July 2012 02:24 PM
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින කෙනෙක් වෙන ඇති ෂුවර් එකටම .....(ස).
අනුල Wednesday, 25 July 2012 02:40 PM
තවමත් බයේ ඉන්නේ කවුද දන්නේ ආයේ කොයි වෙලේ උස්සාවිද කියලා.......(ස)
රුවන් Wednesday, 25 July 2012 10:51 PM
මෙහෙම දේවල් වෙද්දි මිනිසුන් ඕස්ට්‍රේලියා යන එක අහන්නත් දෙයක්ද? (නි)
මදූ Wednesday, 25 July 2012 02:55 PM
මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා ගොඩක් දෙනා දන්නවා....ඒ නිසා අපි මේ ගැන කතා නොකර ඉමු...(ස)
අමරා Thursday, 26 July 2012 12:22 AM
උඩ ඉන්නත් බයයි. බිම ඉන්නත් බයයි. පාරෙ යන්නත් බයයි. අනේ, රටකට ගිය කලක්.... (නි)
ලලිත් Wednesday, 25 July 2012 03:16 PM
කටුගෙයි හොරකමේ වැරදිකාරයාවද්ද? ඇයි දන්නේ නැහැ කතා කරන්නේ නැත්තේ? (නි)
පතිරණ Wednesday, 25 July 2012 03:18 PM
අර මහත්තයට වෙච්ච දේම තමයි වෙලා තියෙන්නේ....(ස)
රංජිත් Wednesday, 25 July 2012 03:22 PM
ඩිපෙන්ඩර් රියකින් ගිය කාටහරි ඉස්පිරිතාලයකට ගිහින් දොස්තරට කියන්න බැරි ලෙඩත් තිබුනද දන්නේ නෑ....(ස)
ප්‍රියන්ත Thursday, 26 July 2012 04:41 AM
මොකක්හරි වැඩකට සම්බන්ධ ඇති...නැත්නම් ඔහොම වෙන්නේ නෑනේ....(ස)
සරත් Thursday, 26 July 2012 05:35 AM
මොන පිස්සුද රජිත. (නි)
ෂෙරීෆ් Thursday, 26 July 2012 06:30 AM
මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා. (නි)
ඉසුරු Wednesday, 25 July 2012 04:11 PM
පිට සක්වල පැහැරගැනීමක්ද දන්නේ නෑ නේ..??? (ස)
සරත් Wednesday, 25 July 2012 04:14 PM
මදූ, ඔයා හිතුව හරි....(ස)
රජිත මන්ජුල Wednesday, 25 July 2012 04:20 PM
ලංකාවේ ඕනම තැනක සමගියෙන්, සාමයෙන් විසීම කෙසේ වෙතත් සමාදානයෙන් සැතපෙන්නනම් පුළුවන්.....(ස)
සිරිල් Thursday, 26 July 2012 07:42 AM
පාරේ යන්නත් බයයි දැන් (දී)
චමින්ද Wednesday, 25 July 2012 05:05 PM
අපේ රට ධර්මද්වීපයක් කරනවා යැයි කියූ උත්තමයන්ගේ දැන්වත් ඇස් ඇරේවා...(ස)