(ටී.කේ.ජී.කපිල )
රුපියල් මිලියන 42 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ , විදේශ මුදල් ජාවාරම්කරුවන් පස් දෙනෙකු , කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී අද (20) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .
මෙම ජාවාරම්කරුවන් පස් දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද සිටිති .
මෙම විදේශ මුදල් අතර ඇමෙරිකානු ඩොලර් 22,300 ක් යූරෝ 63,500 ක් , සෞදි රියාල් 292,000 ක් , ස්ටර්ලිං පවුම් 8,725 ක් සහ ඩිරාම් 75,000 ක් ද තිබූ බව රේගුව කියයි.
මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත , ඔවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දැඩි සුපරීක්ෂාවට ලක් කිරීමේදී , ඒවා තුළ ඉතා සූක්ෂම ආකාරයට මෙම විදේශ මුදල් සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගත් විදේශ මුදල් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ ජාවාරම්කරුවන් පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රේගුවේ ඇස් වසා සල්ලි පන්නන්න හැදූ 5ක් දැලේ
sharm warn Thursday, 20 January 2022 12:41 PM
අයියෝ මෙහෙමත් මෝඩයෝ ටිකක් .හෙමින් සැරේ උගන්ඩාවට යැවුවා නම් වැඩේ ඉවරයි නේ. මොකටද කටුනායක යන්න ගියේ. නායකයන්ගෙන් ආදර්ශ ගන්නකො දෙයියනේ
fairoos Thursday, 20 January 2022 01:12 PM
රේගුවේ නිලධාරීන්ගේ කොමිෂන් එක දීලා නැතිව ඇති...