(ඉන්දිකා රාමනායක)
රාගම රෝහලින් පැනගොස් ගොස් සිටි කොරෝනා ආසාදිත රෝගීයා අද (7) පස්වරුවේ රාගම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේදී සොයාගෙන ඇත.
මෙම පුද්ගලයා රාගම රෝහලේ බාහිර රෝගී අංශය ආසන්නයේ රැදී සිටියදී රෝහල් කාර්ය මණ්ඩලය ඔහු හදුනාගෙන යළිත් රෝහලට ඇතුළත් කර තිබු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙලෙස යළිත් රෝහල් ගත කර ඇත්තේ පෑලියගොඩ නුවර පාරේ අංක 307 නිවසේ පදිංචි දොන් සරත් කුමාර (62) නැමැත්තා බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මොහු කොරෝනා ආසාදිතව රාගම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (6) රාත්‍රියේ එම වාට්ටුවෙන් පලාගොස් ඇත.
පලාගිය මෙම පුද්ගලයාගේ ඡායාරූප සහිතව විස්තරයක් පොලිස් මුලස්ථානය මාධ්‍යවෙත නිකුත් කර තිබු අතර එය විද්යුත් හා මාධ්‍ය ආයතන කිහිපයක ප්‍රචාරය වීය.
මෙම සැකකරු රෝහලින් පැන ගොස් සැගව සිටියේ කුමන ප්‍රදේශයේ ද, මොහු ජනතාව අතර ගැවසුනේ ද යන්න හෙළි කර ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මොහුට එරෙහිව නීරෝධායන නීති රේගුලාසි අනුව කටයුතු කරන බවත්, මෙම පුද්ගලයාට රැකවරණය හා ආරක්ෂාව සැපයු පුද්ගලයන් සිටීනම් ඔවුන්ට ද නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රාගම රෝහලින් පැන ගිය ආසාදිතයා සොයාගනී