IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රග්බි කී‍්‍රඩක සංජීව ජයසිංහ සමුගන්නා තරගය හෙට

ජාතික රග්බි ක‍්‍රීඩක සංජීව ජයසිංහ කොළඹ රාජකීය විදුහල් කී‍්‍රඩාංගණයේදී හෙට (17) පැවැත්වෙන ක්ලිෆර්ඞ් කුසලාන අන්තර් කී‍්‍රඩා සමාජ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසුව සමුගැනීමට සුදානමින් සිටියි. අවසන් මහා තරගය මහනුවර කී‍්‍රඩා සමාජය සහ නාවික හමුදා පිල අතර හෙට පැවැත්වීමට නියමිතය. මහනුවර කී‍්‍රඩා සමාජයට ක‍්‍රීඩා කරන සංජීව ජයසිංහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් රග්බි ක‍්‍රීඩාවට පිවිස කලක් හැව්ලොක්ස් ක‍්‍රීඩා සමාජය නියොජනය කරමින් අන්තර් සමාජ රග්බි තරගවලට සහභාගිවිය. වසර 10 ක් වැනි කාලයක් දේශීය රග්බි පිටියේ මහනුවර කී‍්‍රඩා සමාජයට ක‍්‍රීඩා කරන සංජීව 2005 වසරේ මහනුවර කී‍්‍රඩා සමාජයේ නායකයා ලෙස කටයුතු කළේය. සංජීවගේ නායකත්වයෙන් සහභාගි වු ඩුබායි සහ හොංකොං හි පැවැති සත් සාමාජික තරගාවලි දෙකකදීම ශ්‍රී ලංකා පිල දස්කම් දැක්වීය.



අදහස් (0)

රග්බි කී‍්‍රඩක සංජීව ජයසිංහ සමුගන්නා තරගය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 70 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site