IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


යෞවන සමාජ කොරෝනා රෝගීන් ඇඳන් දසදහසක් හදන්න යයි

(තිලකරත්න දිසානායක)

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට දින දහයක් ඇතුළත ඇදන් 10,000 ක් සැපයීමට පොදුජන පෙරමුණ යෞවන සමාජය ඇතුලු ස්වේච්ඡා සංවිධානයන් මගින් කටයුතු කරමින් සිටින බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම ගම්පහ , වැරැල්ලවත්ත ප්‍රදේශයේ දැනට භාවිතා නොකරන ඇගළුම් කම්හක් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කිරීම නාවික හමුදාව මගින් සිදු කරන අතර එහි කටයුතු නිරීක්ෂණය සදහා  පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

කොවිඩ් 19 රෝග තත්ත්වය ව්‍යාප්තිය පාලනය පිනිස රජය විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල කැපවීමකින් යුතුව මැදිහත්ව කටයුතු කරන බවත් පැවසූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, මෙම අවස්ථාවේ දේශපාලන භේදයකින් තොරව සැවොම සහාය ලබා දීම කළ යුතුව ඇතැයිද කියයි.

යෞවන සමාජ ඇතුලු ස්වේච්ඡා සංවිධාන මගින් සකස් කරනු ලබන ඇදන් 10,000 සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කඩිනමින් බාරදීමට පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

 



අදහස් (4)

යෞවන සමාජ කොරෝනා රෝගීන් ඇඳන් දසදහසක් හදන්න යයි

Nihal Saturday, 08 May 2021 11:48 AM

ටොයිලට් ඇතිවෙන්න හදන්න, හරිම අපිරිසිදුයි. යන අයමයි වනසන්නේ.

:       0       0

malkoha Saturday, 08 May 2021 12:21 PM

මේ කොරෝනා ව්‍යසනයේදී පුළුවන් තරම් ඇඳවල් හැදීම අතීසාරයට අමුඩ ගැසීම වැනි දෙයකි. රටට දැන් අවශ්‍ය වන්නේ මහා ව්‍යසනයක් වීමට කලින් රෝගය පැතිරීම පාලනය කිරීමයි. නැතිනම් අපි හැමෝටම, හදන ඇඳවල් උඩම අවසන් හුස්ම හෙලන්න වෙයි. දැනටමත් ඉස්පිරිතාලවල් වල ලෙඩ්ඩු පිරිල ඉන්නෙ. සෞඛ්‍ය සේවකයෝත් හෙම්බත් වේගෙන එන්නෙ. ලෙඩ්ඩුන්ට ඇඳක් දුන්නම ලෙඩේ හොදවෙනව කියල තමයි අපේ රට කරන දේශපාලුවෝ හිතාගෙන ඉන්නෙ. අවශ්‍ය උපකරණ, වෛද්‍යවරු, හෙද හෙදියන් කොහෙන්ද ගේන්නෙ.

:       0       0

banda Saturday, 08 May 2021 12:39 PM

පිස්සු නැතිව කෙරොනා රෝින්ට ගෙදර ඉන්න කියන්න හුස්ම ගනන අපහසුනම් ළගම රෝහලට ඒනන කියන්න

:       0       0

Senaka Saturday, 08 May 2021 02:19 PM

එහෙම හරි යනවනම් මිනිස්සු ගෙදර ඇඳවලුත් ගෙනත් දෙයි. හැබැයි මේ වැඩබැරි දාසලා ඇඳක එල්ලිලා හරි ගොඩ යන්න හදන හැටි නම් අප්‍රසන්නයි . තාප්පවල යක්කු ඇඳපු අයට පුලුවන් ඔය ඇඳන් හදන ගමන් පඹයො ටිකකුත් හදන්න. මොකද ඇඳන් තිබ්බ පලියට කොරෝනා මර්ධනය කරන්න බැරි නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 54 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site