IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී

( තිළිණි ද සිල්වා )

කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාට ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව යොහානි ද සිල්වා කියා සිටින්නීය.

30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් ඔ හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදී මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බව ඇය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමන් මේ බව පවසන්නීය.

සැම විටම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි යැයිද ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර ඇත.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ ප්‍රතිනිර්මාණය කෙරෙහි ඉන්දීය ජනතාව දැක්වූ ආකර්ශනය තමාට තවමත් අදහාගත ‌ෙනාහැකි කාරණයක් බවද ඇය කියා සිටින්නීය.

ඉන්දියාවේ ප්‍රකට ජනමාධ්‍ය ආයතනයක් වන සී ලයිව් ඉන්ඩියා සමාගම හා සූපර් මූන් යන ආයතනය යොහානී ගේ මෙම සංගීත ප්‍රසංග දෙක සංවිධානය කරනු ලබයි.

මේ අතර ගායිකා යොහානි ද සිල්වා ගැන ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් කියා සිටයේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නවතම සංස්කෘතික තනාපතිනි යොහානි ද සිල්වා වන බවත් , ඇය මේ වන විට ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතක් බවත්ය.

 



අදහස් (28)

යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී

සමන් Wednesday, 22 September 2021 08:54 AM

සුබ පතනවා.

:       2       22

නුවන්Wednesday, 22 September 2021 02:34 PM

ඇතැම් විට ලොව මුල්ම රැප් ගීත වලින් එකක් හෝ විය යුත්තේ එඩී ජයමාන්න මහතා ගැයු 'කොලොම්පුරේ ශ්‍රියා' ගීතයයි. එහි 'හංදියේ අර හිටන් ඉන්න රාළහාමිගේ අත් දෙක' රැප් කොටසයි. ඊට පසුව මා ඇසූ රැප් ගීතය මෙම මැණිකේ මගේ හිතේ ගීතයයි. රැප් කොටස නිමාවී එය ගායිකාව පිළිගත් විදිය හරිම වෙනස්. ඒක හොඳයි. ගීතය සරලයි. රිද්මය ද වේගවත් නැත. හැමෝටම රස විඳිය හැකිය.. ඉතින් සියලුම දෙනාට සුබ පැතුම්...!

:       0       5

ලඩිශ් Wednesday, 22 September 2021 09:08 AM

යනකොට අර රැප් කරන ටිකව හලලා යන්න, යෝහනිගේ සින්දු වල බාගයයි අහන්න පුළුවන් හැම එකකටම දාන කබල් රැප් කෑලි ටික හින්දා

:       6       20

saliya Wednesday, 22 September 2021 09:24 AM

කොපි සින්දු. කිසිම තේරුම නැහැ

:       41       10

යෝගා Wednesday, 22 September 2021 10:40 AM

ටිකක් දරා ගන්න අමාරුයි වගේ නේද ?

:       11       26

saliyaWednesday, 22 September 2021 11:50 AM

අර්ථවත් හොඳ දේ සදාකාලිකයි...!

:       6       11

saliyaWednesday, 22 September 2021 11:52 AM

හොද දේවල් සදාකාලිකයි

:       4       11

janahitha UAEWednesday, 22 September 2021 11:22 AM

කකුලෙන් ඇදීම සිංහල ජාතිය සතු නොවැළැක්විය හැකි රෝගයක් දියුණු ජාතියක් වන්නට කිසිදාක බැරිවුණේ ඔය ගතිගුණය නිසා අමාරුවෙන් හෝ නිවැරැදි කරගමු.

:       3       25

පැරකුම් Wednesday, 22 September 2021 09:46 AM

දේශපාලුවන්ට බැරි දේ කලාකරුවන්ට කලහැකි බව යලි තහවුරු කිරීම ගැන අපේ ඇගයීම හා ආශීර්වාදය…

:       5       28

Sanka Wednesday, 22 September 2021 10:06 AM

අපේ මවුබිම දේශපාලනය විසින් උතුම් ගුණධර්ම, යහ පැවැත්ම, පෞරාණික වටිනාකම්, රටේ සෞඛ්‍ය අන්තයටම විනාස කරලා තියෙන අවස්ථාවක යොහානිගේ දක්ෂකම මුළු ලොවටම විදහාපැම ඉතාම අගය කල යුතු දෙයක්.

:       5       18

කිරි පුතා Wednesday, 22 September 2021 10:58 AM

ඇය යන ගමන ගැන කිසිම ගැටළුවක් නෑ. ඇයට සුබ පතනවා. නමුත් මට දැනෙන විදිහට ලෝකයම හඹා යන්නේ හිස් දේවල් පසුපස. අර්ථවත් දෙයකට මෙවැනි ජනප්‍රියත්වයක් ලැබෙනවා අඩුයි. මේ සිංදුවේ ගතයුතු හරයක් තිබෙනවාදැයි මට නම් දැනෙන්නෙ නෑ. ඇයගේ පිනක් පලදෙනවා එච්චරයි .

:       10       25

asamagiWednesday, 22 September 2021 11:24 AM

වක්‍රාකාරව හෝ සූක්ෂම ලෙස කකුලෙන් අදිනවා.. අපිට නොදැනීම එය සිදුවෙනවා. ඒක අපේ ජාතිය දියුණු වන්නට නව නිර්මාණ කළ නොහැකි වන්නේ මේ කරුම ගතිගුණය නිසාය.

:       8       13

saliyaWednesday, 22 September 2021 11:55 AM

සුබ පැතුම්

:       0       0

කිරි පුතාWednesday, 22 September 2021 12:09 PM

තම තම නැණ පමණින් යමක් තේරුම් ගැනීමේ පොදු අයිතිය ඔබටත් ඇත. ඇයගේ ගමනට සුබ පතන ගමන් ලෝකය හිස් දේවල් පසුපස හඹා යන ආකාරයක් මට නිරීක්ෂණය වේ. ඔබට එවැනි දෙයක් නිරීක්ෂණය නොවනවා ඇත. ඒ මේ ලෝක ස්වභාවයයි.

:       11       7

පැරකුම්Wednesday, 22 September 2021 12:15 PM

ඔබ හරි. කකුලෙන් ඇදීම අපේ ජාතියේ මූලික සංකල්පයක් එහෙම නොකළොත් අපට නින්ද යන්නේ නෑ…!

:       3       7

wimal Wednesday, 22 September 2021 10:58 AM

අපිට අපේ ජාතියට ලොකු ගෞරවයක් ,සමහර රටවල් දන්නේ නැහැ සිංහල භාෂාව ගැන ,සිංහල ගීත ඉන්දියාවෙන් ලැබුන සහයෙන් ලෝකය පුරාම යනවා .අපි කැමති අපේ ගායිකාවක් ලෝකේ ටොප් ලෙවල් එකේ ඉන්නවා යොහානිට සුභ පැතුම් .ගුඩ් ලක්

:       1       17

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 22 September 2021 11:43 AM

සාමාන්‍යයෙන් මා රැප් ගීත අහන්නේ නැහැ. ඒත්, යොහානිගේ මේ ගීතයට අමිතාබ් බච්චන් දැඩිව ඇලුම් කරනා බව ඇසීම නිසා ඒ ගැන මා සොයා බැලුවා. ඇත්තටම, අමිතාබ්ගේ රසඥතාවයට ස්තූතියි. බොහෝ දෙනා වගේම මාත් ඒ ගීතයට කැමතියි. රැප් ගීත ගැන මා සිතපු ආකාරය වැරදියි. ඒත්, මා ඒ තත්ත්වයට වැටුණේ, බොහෝ රැප් ගීත හරියට කෝච්චියක ශබ්දයේ ඇති කරදරය වගේ නිසයි. ඒත්, හැම රැප් ගීතයක්ම එසේ නොවන බව යොහානි අද අපට ඔප්පුකොට තියෙනවා. ඒ නිසාම සමහර රටවල අය මේ ගීතය ගායනා කොට ඇති අවස්ථාත් මම නැරඹුවා. ඒ අය අපේ සිංහල වචන උච්චාරණය කොට ගීතය ගායනා විට හිතට දැනෙන්නේ පුදුම අභිමානයක්. ඔයාට බොහෝමත්ම ස්තූතියි යොහානී, දේශපාලකයන් කාපු අපේ රටේ නමට ගෞරවයක් ගෙනදුන්නාට...

:       0       17

wahaldeepa Wednesday, 22 September 2021 12:23 PM

පැවැත්වීමට නියමිතව ඇත. පව් නේද බන්...!!! 

:       3       1

Don Wednesday, 22 September 2021 12:28 PM

යොහානිගේ සිංදුවේ අමුතුම මිහිරි ගතියක් දැනෙනවා. ඒක එයාගේ වාසනා ගුණයක් වෙන්න පුළුවන්. ඇයට සුබ පැතුම්, තවත් ඉදිරියට යන්න ලැබේවා..!!!

:       0       10

fairoos Wednesday, 22 September 2021 12:44 PM

සර්ට කඩේ එහෙම යන්නේ නැහැ හොඳේ...

:       8       7

Rocky Wednesday, 22 September 2021 01:04 PM

මේ ළමයාට දෙන ප්‍රචාරය පිටුපස ලොකු දේශපාලන බලපැමක් තියෙන බව පැහැදිලිවම පේනවා.

:       8       5

බද්රානි Wednesday, 22 September 2021 01:11 PM

දේශපාලකයින්ට මුට්ටි අල්ලන ලංකාවේ නලා කාරයින් අප්‍රසන්න වී සිටි සමයක, ඔබ වැනි දක්ෂ ගායිකාවක් මේ රට තුළින් බිහිවීමත් භාග්‍යයක්. අසීරුවෙන් වීසා එකක් අරගෙන පිටරටකට යන්නවත් සුදුසු කමක් නැති ඒ නින්දිත නලාකරුවන් අතරේ ඔබ සැබෑම කලාකාරිනියක්. ළිං මැඩි නලා කරුවන් මේ ළිඳ තුළ බකබක ගාවි, එ්ත් ඔබ වැනි දක්ෂයින්ට ලෝකය විවෘතයි. ජයවේවා!!

:       1       11

Gamini Wednesday, 22 September 2021 01:27 PM

මේ ගීතයේ මුල් අයිතිකරු ඉන්නවා. ඒ මනුස්සයා ගැන සද්දයක් නෑ..

:       8       4

Janaka Wednesday, 22 September 2021 02:09 PM

සංගීත ප්‍රසංගයෙන් උපයන එක ඩොලර් එකක්වත් ලංකාවට ගේන්න එපා. සිංගප්පූරු ගිහින් ඩොලර් ගිණුමක තැන්පත් කරලා එන්න.

:       4       1

shanikaWednesday, 22 September 2021 06:01 PM

සුබපැතුම්

:       0       0

Ruwan Wednesday, 22 September 2021 02:53 PM

ලංකාවෙ පුද්ගලයෙක් දියුණුවෙනව දකිනකොට ලංකාවෙම කාලකණ්ණි මිනිස්සුන්ගෙ ඇස් වලට කටු අනිනව වගේ.. මොකක්හරි ඇදයක් හොයලා ඒ මිනිහව නැති කරනකන් නින්ද යන්නේ නෑ.

:       1       6

deshapaalakaya Wednesday, 22 September 2021 03:13 PM

සුබ පැතුම්

:       0       0

bandara Thursday, 23 September 2021 08:48 PM

හින්දි ගීත කීපයක් කියන්න සුදානම්ව යන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1661 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 817 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 672 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 338 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 579 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 533 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site