(යොහාන් භාසුර)
‘මැණිකේ මගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා දැඩි ප්‍රසිද්ධියක් ලබා සිටින ශ්‍රී ලංකා යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ වෘත්තීමය කළමණාකරණ ඉන්දියාවේ මුම්බායිහි පිහිටි නම ගිය කළමණාකරණ සමාගමකට පැවරූ බව ඇයගේ දේශීය කළමනාකරණ කණ්ඩායමේ සාමාජිකයෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ඇය ඉන්දියාවේ ප්‍රසංග දෙකක් බාරගැනීමත් සමඟ එංගලන්තය ඇතුලු ලොව පුරා රටවලින් ප්‍රසංග සඳහා ආරාධනා ගළා එන බව කී එම ප්‍රකාශකයා එම කිසිඳු ආරාධනාවක් යොහානි මේ දක්වා ස්ථිර කර නොමැති බව ද සඳහන් කළේය.
ලෝකයෙන් එන ආරාධනා සම්බන්ධයෙන් වඩාත් හොඳ ආකාරයකට කළමනාකරණය කළ යුතු නිසාවෙන් ඉන්දියාවේ නම්දැරූ රංගන සහ සංගීත ශිල්පීන් කළමනාකරණය කරන සමාගමකට යොහානිගේ කටයුතු ද බාරදුන් බවත් ඇයගේ ඉන්දීය සංචාරයෙන් පසුව ඔහුගේ කළමනාකරු මුම්බායි නුවරට ගොස් එම කළමණාකරණ සමාගමක සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවත් එම ප්‍රකාශකයා වැඩි දුරත් පැවසීය.
යොහානි මේ මස 30 වැනිදා සහ ඔක්තෝබර් 3 වැනිදා ඉන්දියාවේ දිල්ලිහිදී සහ හයිද්‍රාබාද්හිදී සංගීත ප්‍රසංග දෙකකට සහභාගි වීමට සූදානමින් සිටින්නීය.
COMMENTS
යොහානිගේ ගායන කුසලතාවයන් වෘත්තීයමය වශයෙන් අලෙවි කිරීමට තරම් හොඳ අලෙවි සමාගම් අපට ලැබී නැද්ද? අපට බැරි නම් එය ලැජ්ජාවකි.
මෙහෙම ගිහින් කොහෙන් නතර වෙයිද මන්දා
ඉන්දියාවෙන් මල් වගේම ගලුත් බලා පොරොත්තුවෙන්න දවසක.
අන්තිමට නවතින්නේ ඉන්දියාවේ සිටිසන් වෙලා මුම්බායි වල .ඊට පස්සේ යු.එස්.ඒ සිටිසන් වෙලා කැලිෆෝනියා වල .සල්ලි ටික එහෙ බැංකු වල .ඕක මෙයා විතරක් නෙමෙයි ලෝකේ ගොඩක් අයට වෙච්ච වැඩක්
ඇය වඩා ප්‍රවේශම් විය යුතු යැයි සිතමි. ඇයගේ පෙර කුසලයක් ඵලදී ඇති අතර එයම ඇයගේ විනාශයට හේතු කර නොගෙන තම උපන් රටටද මෙහෙයක් වනලෙස ඇයද ආරක්ෂා වී සියල්ල කළමනාකරණය කර ගැනීමට හැකිවේවා...!
අනුර නානායක්කාර , අපිට ඒ වගේ වැඩ කරන ආයතනයක් නැහැ.ඒ වගේම ලංකාව කීවොත් කවුරුත් ගණන් ගන්නෙත් නැහැ.දුප්පත් ගෝත්‍රික හිඟන්නන් රැසක් සිටින චූටි දුපතක් ලෙසයි ලෝකය අපිගැන හිතන්නේ.
පොඩි ඊර්ෂ්‍යාවක් එක්ක තමා පමනක් අය අදහස් දක්වලා තියෙන්නේ
රාජපක්ෂලාගේ ලේලි කෙනෙක්ට බැරි වුණානේ ඔය ඔය සින්‍දුව කියාගන්න..