IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


යුද හමුදාපති කනස්සල්ලෙන්

(සුජිත් හේවාජූලිගේ)

කොවිඩ් නීති ගණන් නොගෙන සාප්පු සවාරි යන සුළු පිරසකගේ හැසිරීම කනගාටුදායක බවත් ජනතාව මේ ආකාරයට හිතුමතේ කටයුතු කළහොත් ලබන මැයි මාසයේ දී නරක ප්‍රතිඵල භුක්ති විදීමට සිදුවනු ඇති බවත්  කොවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අවුරුදු සමයේදී කෝවිඩ්  නීති අනුගමනය නොකර හැසිරුණහොත් වෙසක් උත්සවය සැමරිය නොහැකි වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා කියයි.

බොහෝ ජනතාව බුද්ධිමත් ආකාරයට කටයුතු කිරීම නිසාත් ජනතාවගෙන් ලැබුණු ඉහළ සහයෝගය නිසා කෝවිඩ්  ව්‍යාප්තිය සැලකියයුතු ලෙස පාලනය කර ගැනීමට හැකි වූ බව කී ශවේන්ද්‍ර සිල්වා  මහතා කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව  දිනකට 200කට අවම මට්ටමින් පවත්වාගෙන යෑමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ද සඳහන් කරයි.
 



අදහස් (9)

යුද හමුදාපති කනස්සල්ලෙන්

Prabha Monday, 12 April 2021 01:45 PM

ලොක්කෝ කරන කොට පොඩ්ඩෝ ඔහොම තමයි..

:       0       0

බද්රානි Monday, 12 April 2021 01:55 PM

දුප්පත් අපි අලුත් අවුරුද්දට අඳින්න ඇඳුමක් ගන්න කඩේකට ගියාම තමයි ඔබතුමාට ඔය කියන කනස්සල්ල ඇති වෙන්නේ. ලොකු ලොකු හෝටල් වල තියන සාද ගැන එහෙම ඔබතුමා දන්නෙවත් නැහැ වගේ. දින තුනක් පුරා දාපු ජෝගි ගැන? පොලිස් කාරයින් වුණත් දුප්පත් පවුලක තියන වෙඩිමක පිරිස ගණන් කළාට මේවා දැක්කාම ඇහැක් වහගෙනම මාරු වෙනවා. අනේ යන්න මහත්තයෝ මෙතන නිකම් " ගහ දන්නා අපිට කොළ කඩා පාන්නේ නැතිව...‘‘

:       0       1

sampath Monday, 12 April 2021 04:42 PM

අපේ රටේ මිනිස්සුන්ගේ මෝඩකම් වලින් පරිස්සම් වෙන මිනිස්සුන්ටත් දුක්විඳින්න වෙන එකයි ගැටලුව මොකද මෙහෙම තෙරපි තෙරපි ගිහින් විහින් හදාගන්න ලෙඩ හැමෝටම පතුරුවන්නෙත් මේ විදියට තමයි

:       0       0

Kamal Koyrala Tuesday, 13 April 2021 06:37 AM

මොනා කරන්ඩ සර් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙන ආකාරය සහ පාර්ලිමේන්තුව දැක්කාම මහජනතාව ඕවා ගණන් ගන්නේ නැ

:       0       0

Rata Perata Tuesday, 13 April 2021 06:45 AM

ඒක නම් ඇත්ත ඒවගේම අනිත් ලොක්කන්ගේ නිතිවිරෝධි වැඩ ගැනත් කණගාටු වෙනවා නම් හොදයි

:       0       0

amara Tuesday, 13 April 2021 09:12 AM

ඔබ තුමාට බලයක් තිබුණානම් ජනතාව පාලනය කරගන්ඩ තිබුණා

:       0       0

Raveendra Tuesday, 13 April 2021 12:20 PM

හරියද්දි සර්ලගේ හපන්කම්... වරදින කොට මහජනතාවගේ මෝඩකම්.. ජය වේවා සර්..!!!

:       0       1

hesa Wednesday, 14 April 2021 11:41 AM

එහෙම, එහෙම මේ අවුරුද්දම ඇදගෙන යයි..

:       0       0

Bamunuarachchi Saturday, 17 April 2021 05:48 AM

කනස්සලු වෙන්න එපා.. ඔන්න කැනඩාවත් කොවිඩ් මර්දනය එරට හමුදාවට බාර දීලා. ළඟදීම එහෙත් ඇඳිරි නීතය වැටේවිලු.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 36 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 338 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site