(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවමත් නිසි ආරක්ෂාවක් සපයාදී නැති හෙයින් තමා සහ තම පවුලේ සාමාජිකයන් ඉන්දියාවට රැගෙන ගොස් ආරක්ෂාව ලබා දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයාදී ඇති ආරක්ෂාව ගැන තමා කිසිසේත්ම සෑහීමට පත් නොවන බවද ඔහු සඳහන් කළේය.
මේ තත්වය නිසා බොහෝ මන්ත්‍රීවරුන් තවමත් සිටින්නේ විවිධ ස්ථානවල සැඟවී බව සඳහන් කළ දිසානායක මහතා විසි එක් වැනි සංශෝධනයට සහය නොදුනහොත් ගමට පැමිණීමට නොහැකි වේවි යැයි ඕමල්පේ සෝභිත නාහිමියන් කළ ප්‍රකාශයෙන් උන්වහන්සේ ප්‍රචණ්ඩත්වයට ආරාධනා කර ඇතැයිද ප්‍රකාශ කළේය.
දේශපාලනයෙන් එක සත පහක් උපයාගෙන නොමැති තමා ඉතා දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සියලුම දේපළ කපුටු කාක් කියා ගත් ම්ලේච්ඡයන් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරනු ලැබූ හෙයින් තමා අද මේ රටේ යන එන මං නැති පුද්ගලයකු බවට පත්ව සිටින බවද විමලවීර දිසානායක මහතා පැවසීය.
ඒ සියලු ප්‍රහාර යට සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට ආරක්ෂාව සපයන්න අනෙක් කට්ටියව ඉතියෝපියාවට යවමු. මොකද ඔච්චර බය? ඔහෙලාට පිස්තෝල දුන්නේ ලස්සනට තියන් ඉන්න නොවෙයි.., ජීවිත ආරක්ෂාවට.
මොකද ඔච්චර බය..? ඔහෙලාට පිස්තෝල දුන්නේ ලස්සනට තියන් ඉන්න නොවෙයි ජීවිත ආරක්ෂාවට... වෙලාවට පාවිච්චිය ගන්නවා. පිස්තෝලේ පෙට්ටගමේ දාලා දුම් අල්ලන්නේ නැතුව කොට්ටේ යටින් තියා ගන්නවා. ගොබ්බ ටෙලිනාට්‍ය බලන්නේ නැතුව ඇමෙරිකන් මූවිස් ටිකක් බලනවා.
විමලවීර කියන්නේ බොහොම පුංචි තැනකින් ඇවිත් පාසල් අධ්‍යයනය කඩාගෙන වැටිලා තනියම මහන්සි වෙලා උපාධියක් දක්වා ගිය මිනිහෙක්... කණගාටුයි සියලු පහසුකම් දීලත් ඉගෙනීම විතරක් නොකරන පිරිසක් හින්දා මරණ බියෙන් ජීවිතේ ගෙවීම හා මේ රටේ මැරයින්ට ආවඩන අය සිටීම. මං මේ මනුස්සයාට තියා කපුටු පක්ෂයට වත් ඡන්දෙ දීලා නෑ...
මේ රතු තක්කඩින් නිතරම අපේ රට විනාශ කළා.. ඔවුන්ට උද්ඝෝෂණ, අරගල විතරයි කරන්න පුළුවන්...
මෙන්න මෙයාව ඉන්දියවට අරගෙන යන්න... මෙලෝ වැඩක් නැහැ.
එය සත්‍යයක් ඇමැතිතුමා. මේ රජය ජවිපය හමුවේ ඉතා බියසුලු වී ඇති බව පෙනේ. ජවිපය කෙතරම් දරුණු ද යන්න අපට 88-89දී මෙන්ම 09දා එල්ලකල ම්ලේච්ඡ ගිනිකෙලි සංදර්ශනයෙන් ප්‍රත්‍යක්ෂ විය. ඔවුන් අදහන්නේ ගිනි දෙවියන්ය. සියල්ල ගිනිදෙවියන්ට පිදීම ඔවුන්ගේ චාරිත්‍රයයි. එබැවින් මම මගේ අදහස වෙනස් කළෙමි. මම ඔවුන්ට කිසිවිටෙක ඡන්දයක් නොදෙමි. 69 ලක්ෂයක ඡන්දයක් ලබාගෙන ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි මහින්ද රජපක්ෂ අගමැතිතුමාට කළ අපහාස, නින්දා හේතුවෙන් ඔහුගේ පාක්ෂිකයින් ඔවුන් හමුවට පැමිණියේය. එහිදී එතුමන්ට අපහාස කරන අයට පහරදීමට පාක්ෂිකයින්ට සිත්වූයේ නිරායාසයෙන්ය. එම මහමග සිදුවූ ගැටුමහේතු කරගෙන නිවාස ගිනිතබා දේපළ විනාශකලේ අධම ආකාරයෙනි. එකරැයක එකම පෝස්ටරය රටේ සෑම තැනකම ඇලවීමට සංවිධාන ශක්තියක් ඇති ජවිපය එකවර දැවැන්ත ප්‍රහාරයක් එල්ලකලේ තම සංවිධානාත්මක ජාලය හරහායි. මෙවන් 3% ක බලයක් ඇති අය බලයට පැමිණියහොත් තම විරුද්ධවාදීන් 97%ක නිවාස, දේපල ගිනිතැබීමට බිඳක් හෝ පසුබට නොවේ...
රටේ ජනතාව ලබාදුන් ඡන්දයෙන් පාර්ලිමේන්තු ගොස් ජනතාවට ද්‍රෝහිවී වැඩ කටයුතු කරන හා දූෂිත පවුල් පාලනයක් සඳහා උදව්දෙන විට, මේ රටේ ඉන්නට බැරි බව නොතේරෙන හැටි... රටට වැඩදායී, නීතිගරුක පාලන තන්ත්‍රයක් ඇතිකර ගැනීමට අත උස්සන්න. නැවතත් පෙර පරිදිම දූෂිතයින් රකින්න ගියොත් නම්, වැඩේ හරියන පාටක් නැහැ. රට ගොඩනැගිය යුතු මහජන නියෝජිතයින් රට වනසන්නට උදව් දෙනවිට, ජනතාව කෝපවීම පුදුමයක් නොවෙයි.
පිස්සු ගොඩක්ම වැඩිවෙලා වගේ....
මෙයාට ගහන්නේ වන අලි... සත්තු වත්තෙයි, පින්නවලයි, උඩවලවෙයි ඉන්න අලි ටික විකුණන්න ගිහින් වනජීවී අධ්‍යක්ෂ එක්ක පැටළුණු හැටි හැමෝම දන්නවා. එදා ඉඳන් දේශපාලනේ විතරයි කරලා තියෙන්නේ. වෙන රස්සාවක් කළා කියලා කොහෙවත් කියලා නෑ. ඉතින් හම්බ කරපු ඔක්කොම දේශපාලනෙන් තමයි. ඒක හොඳටම දන්න අය තමයි ඉන්න හිටින්න නැති වෙන්න සලකලා තියෙන්නේ... දුක ඇති බැසිල්ගේ ද්විත්ව පුරවැසිකම නැතිවෙනවාට. බත් බැලයින්...!
අපි හිතුවා මෙයා හොඳ කෙනෙක් විදිහට. බලපුවාම මව්බිම පාවාදෙන ද්‍රෝහිකම්නේ කරන්නේ..
පට්ට හොරු හින්දා බයයි ගම්වලට යන්න. රාජ්‍ය සාටක හොරනඩේ එක්ක එකතුවෙලා රාජ්‍ය ධනය හොරාකාපු එකේ ප්‍රතිපල දැන් භුක්ති විඳින්නේ... ජනතාවගේ ඡන්දෙන් බලේට ඇවිල්ලා නුඹලා හොරාකන්නේ මොන නීතියකටද? රාජපක්ෂලාගේ වහල්ලු නොවී, ඔවුන් වගේ හොරා නොකා රටටයි, ජනතාවටයි සේවර කරන්න. එතකොට මිනිස්සු ආරක්ෂා කරයි.
මේ මනුස්සයා ගැනනම් විස්තර දන්නේ නෑ. හැබැයි සෝභිත ස්වාමීන් වහන්සේ තදින්ම දේශපාලනය කරන වගක් නම් පේනවා.
මෝඩ දේශපාලුවන්..
කයිවාරු නැතුව රට ගැන හිතලා වැඩකරන්න.
බුදු අම්මෝ සේරම ජවිපේ කරලා තියෙන්නේ... එතකොට අරලියගහ මන්දිරේදි අරක්කු බීල පොලු අරගෙන පහරදුන්නෙත් ජවිපෙද? ඇත්ත මේකයි, තමුන්ලාට සාමාන්‍ය මිනිස්සු ගහනවා කියන්න ලැජ්ජයි. ඒක නිසා ජවිපෙ අය ගහනවා කියලා හිත හදාගන්නවා. විස්සෙන් තමුන්නැහැලාගේ දේපල තබා මව්පියන්ගේ සොහොන්වත් බේරගන්න බැරිවුණා. ඒක නිසා 21 ට එකඟවන එක හොඳයි.
විස්සට අත ඉස්සුවා නම් මුළුරටම විනාශ කිරීමට දායක වූ කෙනෙකු වශයෙන් හිතන්න. එතකොට ඔය දුක තුනීවෙලා යාවි...!
හොරකම් කරන්නම ඕනෑ නැහැ.. හොරකම් කරන එක දිහා බලාගෙන, මුට්ටි අල්ලගෙන හිටපු එකට තමයි ඔය දඬුවම.. ඔයාලා වගේ අය මොන රටකටවත් ගන්නේ නැහැ.
ඔබලා හරියට ජීවත් වුණානම් මොකටද ආරක්ෂාව..? ගමේ මිනිස්සු ඔබලාව ආරක්ෂා කරාවි... එහෙනම් බලය තියෙනකොට ඔබලාගේ ෂෝ අපි දැක්කනේ.. කිසිම ආරක්ෂාවක් දෙන්න එපා..
ඔන්න ඔයාව ඉන්දියාවට බාර දීලා අපිට හාල්මැස්සෝ 250ක් ඉන්දියාවෙන් ඉල්ලා ගනිල්ලා බං...
සාධාරණ විදියට ජීවත් වුණා නම් බයවෙන්න දෙයක් නෑ. තමන් නරක විදියට ජීවත් වුණු බව දන්න නිසානේ එළියට එන්න බැරි? හැංගිලාම ඉන්න...
මෙයාව අඹේවෙලටවත් දුන්නා නම් පට්ටි දමන්න තිබුණා.
බයවෙන්නේ මොකද? ලංකාවේ හරක්මස් කන අය කන්නේ කඩෙන් අරන්.. මරලා කන්නේ නැහැ..!
මෙයා කොළඹ සරසවියේ වීම ගැන කණගාටුවට පත්වෙමි..!
ඔබතුමා හොඳ කෙනෙක් වෙන්න ඇති.. නමුත් වැරැදි කණ්ඩායමක් සමග සිට ගැනීමේ වරදට ඔබ දඬුවම් ලැබිය යුතුමයි...
කරුණාකරලා ඔය ජවිපය කියන අයව මේ රටින් තුරන් කරන්නම ඕනේ.. මේ අය කරන්නේ රට විනාශ කරන එකමයි. සියලු දේපල හානි සිදුකරේ ජවිපයේ කාලකණ්ණි මේ අයට විරුද්ධව කටයුතු කරන්නම ඕනේ..
මෙතුමා පාසල් නොගිය කෙනෙක්... සල්ලි බලේ නිසා... වහල්ලු මෙන් ජීවත්ව ඉන්න, සල්ලිවලට නැමෙන ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක්...
225 ම ඉන්දියාවට අරන් යන්ඩකෝ
මේ අය ඔක්කොම ඉන්දියාවට පටවමු. හැන්ගිලා ඉන්න උනේ වැරදි කරපු නිසා.