(ඉන්දිකා රාමනායක,රොමේෂ් මධුෂංඛ)
යාපනය නල්ලුර් ප්‍රදේශයේදි වෙඩි තැබිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට මොහොතකට පෙර ඔහුගේ ඥාතී සොහොයුරෙක් සමඟ පැමිණ යාපනය මුලස්ථාන පොලිසිය වෙත බාර වු බව පොලිසිය කියයි.
සෙල්වරාජා ජෙයන්තන් නැමති මෙම සැකකරු 1996 වසරේ සිට 1998 වසර දක්වා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරී පුද්ගලයකු වශයෙන් කටයුතු කර ඇතැයි අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ වැඩිමල් සොහොයුරා සහ සැකකරුගේ එක් බිරිඳක් විසින් පවසා ඇත.
මෙම සැකකරු 1999 වසරේ කයිට්ස් අල්ලපිට්ටි මාන්කුම්බාන් ප්‍රදේශයේදී විවාහ වී ඇති බවත් ගැහැණු දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි.
2009 වසරේදී එම කාන්තාව හැර ගොස් යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ තවත් කාන්තාවක් විවාහ කරගන්නා අතරම එම කාන්තවට දාව ගැහැණු දරුවන් සිව් දෙනෙකු ද සිටිති.
සැකකරු රැකියාව වශයෙන් යාපනයේ සිට කූරිකට්ටුවාන් ජැටිය දක්වා පෞද්ගලික බස් සේවාවක රියදුරෙකු වශයෙන් කටයුතු කොට ඇති අතර පවුලේ තිබූ ත්‍රී රෝද රථයක්ද පදවා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
යාපන වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු බාරවෙයි
sachith Tuesday, 25 July 2017 04:03 AM
මේ පාර පොලිසියේ කාට ගෙදර යන්න වෙයිද දන්නේ මේ විමර්ශනේ ඉවර වෙනකොට. මෙයත් ස්විස් කුමාර් ගේ ලගම හිතවතෙක්ලුනේ.
saman Tuesday, 25 July 2017 04:15 AM
කවද මේ රවට්ටන්න හදන්නේ?
බණ්ඩාර - කැකිරාව Tuesday, 25 July 2017 06:21 AM
අනේ පව් අහිංසක මිනිහෙක් (කොටියෙක්)
sanath Tuesday, 25 July 2017 06:25 AM
අපි සියලුම රටවැසියන් රටේ නීතිය සහ සාමය ක්‍රියාත්මක වන ආකාරය ගැන සතුටු විය යුතුයි. මිනිස්සු මරල යාපනේවත් හැංගිලා ඉන්න බැරි බව හැම අපරාධකරයෙක්ම මේ සිද්දියෙන් තේරුම්ගත යුතුයි.
Nimal Tuesday, 25 July 2017 07:56 AM
ජනාධිපතිතුමනි, ඔබවත් කරුණාකරලා උතුරේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්න.
mohan Tuesday, 25 July 2017 08:13 AM
වෙඩි තැබූ පුද්ගලයා මොහුද කියා දන ගැනීමට ඇති හොදම සාක්ෂිය නඩුකාරතුමා.
Gunarathna Tuesday, 25 July 2017 10:23 AM
දැන් ඔයාලා හැමෝම හිතන්නේ මේ ඇත්තටම වෙඩි තැබූ කෙනා කියලද ?