IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබයි



(එන්. පරමේෂ්වරන්, වන්නි රොමේෂ් මධුසංක සහ තරිඳු ජයවර්ධන) 
අද සවස 5.00 ට පමණ යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබා තිබේ. යාපනය නල්ලූර් කෝවිල පිටුපස පිහිටි අතුරු මාර්ගයකදී සිදුවූ මෙම වෙඩිතැබීමෙන් සැරයන්වරයා බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි යාපනය පොලිසිය කියයි. 
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා දැනට යාපනය ශික්‍ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත්තේ පොලිස් සැරයන් හේමචන්ද්‍ර නැමැත්තෙකි. මෙම සිද්ධිය වන අවස්ථාවේදී එතැන සිටි අනෙක් පොලිස් නිලධාරියා අනතුරකින් තොරව ගැලවී තිබේ.
මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා මේ දිනවල විභාග කෙරෙමින් පවතින විද්‍යා ඝාතන නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සාමාජිකයෙකි. මෙම නඩුව අවසන් වරට පසුගිය බ්‍රහස්පතින්දා (20) විභාගයට ගනු ලැබුණ අතර නැවතත් ලබන අඟහරුවාදා (25) සිට විභාගයට ගැනීමට නියමිතය. 
යාපනය මහාධිකරණ විනිසුරුවරයා අද සවස සිය නිවසට යමින් සිටියදී මාර්ගය හරස් කර තිබේ. එම අවස්ථාවේදී ආරක්‍ෂක නිලධාරියා පොලිස් යතුරුපැදියෙන් බැස මාර්ගය පාදා ගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරියාගේ පිස්තෝලයම ගෙන ඔහුට වෙඩි තබා ඇත. පසුව වෙඩි තැබූ අය කාන්තා යතුරු පැදියක් පැහැරගෙන පළා ගොස් ඇතැයි යාපනය පොලිසිය කියයි. 
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව පරීක්‍ෂණ පවත්වයි.

ඡායාරූප සිරාජ් හසීම්



අදහස් (4)

යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබයි

බණ්ඩාර - කැකිරාව Saturday, 22 July 2017 04:13 PM

පාතාලය දැන් උතුරටත් ගිහිල්ලද ?? ,මෙම සිදුවීම සන්හිදියාවට බාධාවක් කරගන්න එපා

:       0       0

saman Sunday, 23 July 2017 01:44 AM

රටේ ආරක්ෂාව නැතිවේගෙනයි යන්නේ. ඔක්කොටම කලින් ඔය පාතාලයේ ලොක්කො ටික නිරායුධ කරලා ඉන්න ඕනේ.

:       0       0

saman Sunday, 23 July 2017 02:33 AM

අනේ!!! අපේ පොලිසිය .... තමන්ගේම පිස්තොලේ උදුරාගෙන තමන්ටම වෙඩි තියලා යනකම් එක්කෙනෙක්වත් කිසිම සුදානමක නෑ. අනිත් නිලධාරියාත් ඔච්චර දෙයක් කරලා යනකන් මොනවද කරලා තියෙන්නේ.. ?

:       0       0

raveendra Sunday, 23 July 2017 03:39 AM

මෙම සිදුවීම පිළිබඳව දැන් අපහට තිරනාටකයක් මගින් නාට්‍ය අනුසාරයෙන් අනේකවිධ හේතුකාරණා අපගේ සමහර ආරක්ෂකවරු විසින් තම පැවැත්ම උදෙසා ඉදිරිපත්කරනු ඇත. මෙය අත්වැරදීමකි.., කුරුල්ලෙකුට තබනලද එකකි. අඟහරු ලෝකෙන් එවන ලද උණ්ඩයකි. ආදී වශයෙන් නොයෙකුත් නිදහට කරුණු දක්වනු අැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31382 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13624 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11020 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1036 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site