IMG-LOGO

යානය අල්ලන්න එජාප ලේකම් සුසන්තිකා වෙයි

මීට මාස කීපයකට පෙර කිසියම් හේතුවක් මත පාර වැසීම හේතුවෙන් තම වාහනය මග නවතා තබා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති මංගල උත්සවයකට කිලෝ මීටර් දෙකක් රේල් පාර දිගේ පයින්ම ගමන් කරන්නට සිදු වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාට මෙදා එමිරේට්ස් ගුවන් සේවාවෙන් එවැනිම ආකාරයේ අරියාදුවක් සිදුවී තිබෙන බව 'දි ඉන්ඩිපෙන්ඩන්ට්' වෙත වාර්තාවේ. ඒ කතාව සැකවින් මෙසේය.
 
පසුගියදා ලන්ඩන් නුවර පෞද්ගලික සංචාරයක නිරත වූ  අත්තනායක මහතා තම සංචාරය කෙටි කරමින්  මෙරටට පැමිණීමට තීරණය කළේ එදින පස්වරුවේ පැවති පක්ෂයේ විශේෂ දේශපාලන සාකච්ඡාවකට සහභාගී වීම පිණිසය. මේ සඳහා ඔහු ලන්ඩන් නුවර සිට ඩුබායි හරහා ශ්‍රි ලංකාවට පැමිණෙන එමිරේට්ස් ගුවන් සේවාවට අයත් යානා වෙන් කර ගෙන තිබුණු අතර, ලන්ඩන්-ඩුබායි ගුවන් බෝඩින් පත්‍රයට අමතරව ඩුබායි සිට කොළඹට පැමිණෙන ගුවන් යානයේ ආසනය වෙන් කළ බෝඩින් පත්‍රය ද ලන්ඩන් නුවරදීම එමිරේට්ස් ගුවන් සමාගම විසින් අත්තනායක මහතා වෙත භාර දී තිබිණ.
කෙසේ නමුත් තිස්ස අත්තනායක මහතා ලන්ඩන් නුවර සිට පැමිණි එමිරේට්ස් ගුවන් යානය ඩුබායි ගුවන් තොටුපලට පැමිණෙන විට නියමිත් කාලයට වඩා පැයක් ප්‍රමාද වී තිබිණ. මේ අනපේක්ෂිත ප්‍රමාදය නිසා ඩුබායි සිට කොළඹට පැමිණෙන ඊළඟ එමිරේට්ස් ගුවන් යානයට මාරු වීමට අත්තනායක මහතාට ඉතුරු වූයේ පැයකට ආසන්න කෙටි කාලයකි. කොළඹ බලා පිටත්වන ගුවන් යානා ගේට්ටු කවුන්ටරය ලෙස අත්තනායක මහතාට ලන්ඩන් නුවරදී නිකුත් කළ ආසන වෙන් කිරීමේ බෝඩින් පත්‍රයේ සඳහන් වූයේ 26 වන කවුන්ටරයයි.
 
එහෙත්, එම අංක 26 දරණ ගේට්ටු කවුන්ටරය පිහිටියේ ලන්ඩන් සිට පැමිණි ගුවන් යානය නතර කළ ස්ථානයේ සිට දුරින් පිහිටි ගොඩනැගිල්ලක වූ අතර එම ස්ථානය වෙත ගමන් කළ යුතුව තිබුණේ ද මගී රේල්ලුවකිනි. එබැවින් ඒ ගමන සඳහා විනාඩි 15 ක් පමණ අත්තනායක මහතාට ගත විය. එහෙත් අවාසනාවක මහත! තිස්ස අත්තනායක මහතා කඩිමුඩියේ අංක 26 ගේට්ටු කවුන්ටරය වෙත ගොස් තම අතේ තිබූ ගුවන් යානා ආසන වෙන් කිරීමේ බෝඩින් පත කවුන්ටරයේ සිටි එමිරේට්ස් සේවිකාවන්ට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන් පවසා ඇත්තේ අත්තනායක මහතා අංක 26 වෙත නොව අංක 16 ගේට්ටු කවුන්ටරය වෙත යා යුතු බවය; ඒ එතැන සිට තව කිලෝ මීටරයක් පමණ දුර පා ගමනිනි.
 
කාලය සමග පොර බදමින් සිටි අත්තනායක මහතා ට කළ හැකිව තිබූ හොඳම දෙය වූයේ අංක 16 කවුන්ටරය වෙත ඉක්මනින් දිව යාමයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්තුමා ඩුබායි හි අංක 26 ගේට්ටු කවුන්ටරයේ සිට අංක 16 ගේට්ටු කවුන්ටරය දක්වා එක පිම්මේ දිව ගොස් තිබේ.   අත්තනායක මහතාගේ බෝඩින් පත්‍රය පරීක්ෂා කළ අංක 16 ගේට්ටු කවුන්ටරයේ සිටි නිලධාරීන් ඔහුට කීවේ ඔහු සත්‍යවශයෙන්ම යා යුතුව ඇත්තේ අංක 26 ගේට්ටු කවුන්ටරයට බවය; එනම් ආපසු කිලෝමීටරයක් කලින් ගිය ගේට්ටු කවුන්ටරයටම!   
කෙසේ නමුත්, රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි විශේෂ ගුවන් මගියකු (වී. අයි.පී) වන   අත්තනායක මහතා ආ වේගයෙන්ම හැරී කලින් සිටි 26 ගේට්ටු කවුන්ටරයට ම යළි බෑගයත් උස්සා ගෙනම දිව්වේය. අහෝ! එවර එම නිළධාරීන් අත්තනායක මහතාගේ ලියවිලි පරික්ෂා කර බලා කීවේ 26 ගේට්ටු කවුන්ටරය නියම කවුන්ටරය බවත් එහෙත් දැන් ආසනයක් වෙන්කළ නොහැකි තරමට ඔහු ප්‍රමාද වී ඇති බවත් ය. අවසානයේ සෑහෙන තරමේ කතා බහකින් පසු යාන්තම් කොළඹට ඒමට එමිරේට්ස් යානයේ ආසනයක් ලබා ගැනීමට අත්තනායක මහතාට හැකිවී තිබේ. ඒ කිලෝමීටර දෙකකට වැඩි, හදිසියට තනිවම දුර දිවීමේ තරගයකට පසුවයි.
 
  අත්තනායක මහතාගේ දුර දිවීම එතනින් හමාර වුවත් එමිරේට්ස් කතාව එතැනින් කෙළවර නොවේ. ඒ, ක‍ටුනායකට පැමිණි අත්තනායක මහතාට දැන ගැනීමට ලැබුණු පණිවුඩයකිනි; එමිරේට්ස් ගුවන් යානය අත්තනායක මහතා  කොළඹට ගෙනාව ද ඔහුගේ ගමන් මල්ල කොළඹට ගෙනවිත් නැත. එය තවමත් ඩුබායි වලය! එබැවින් ඔහුට යළිත් වතාවක් කටුනායකට ගොස් ගමන් මල්ල රැගෙන ඒමට සිදුවිය. වාසනාවට මෙවර දෙපයින් නොව වාහනයකින් යාමට ඔහුට හැකි විය.

මේ සිදු වූ අකරතැබ්බය සම්බන්ධයෙන් මෙරට පිහිටි එමිරේට්ස් ගුවන් සේවා කාර්යාලයට ලිඛිතව දැනුම් දීමට  අත්තනායක මහතා පියවර ගැනීමට නියමිත බවද පැවැසේ.



අදහස් (0)

යානය අල්ලන්න එජාප ලේකම් සුසන්තිකා වෙයි

පාල Sunday, 10 March 2013 06:56 PM

අපි මේ වගේ පරිප්පු හැමදාම කනවා (අ)

:       0       0

රීටා Sunday, 10 March 2013 06:52 PM

මට නම් අප්‍රමාණ සංතෝෂයි (අ)

:       0       0

සුපුන් Sunday, 10 March 2013 06:57 PM

දේශපාලඥයෙකුට කලාතුරකින් වෙන විදියේ කරදරයක්. (නි)

:       0       0

නිමල් Sunday, 10 March 2013 06:54 PM

අපිට ඔබ හාමදාම බස්ව කෝච්චිවල වෙනවා (අ)

:       0       0

ශාන් Sunday, 10 March 2013 07:26 PM

අයියෝ ලේකම් තුමා, (දී)

:       0       0

වගුරේගම Sunday, 10 March 2013 08:25 PM

ඕවා ගණන් ගන්න එපා. ඔබට ජය! (නි)

:       0       0

නාලක Sunday, 10 March 2013 11:04 AM

මොකද ඒවගේ වගකීම් නැති වැඩ කරන්නේ (දී)

:       0       0

සිල්වා Sunday, 10 March 2013 11:02 AM

මට "සුර පප්පා" කතාව මතක් උනා (දී)

:       0       0

කැලුම් Sunday, 10 March 2013 11:08 AM

මේ මහත්තයාට දුවන්න පුළුවන් කියලා දන්නේ අදනේ (දී)

:       0       0

නුශ්කි Sunday, 10 March 2013 11:17 AM

විහිලුවකට ගන්න එපා, පේක මහා අපහාසයක් (දී)

:       0       0

තිලක් Sunday, 10 March 2013 11:18 AM

අයියෝ මහත්තයෝ (දී)

:       0       0

කුමාර Sunday, 10 March 2013 11:30 AM

මෙතුමාගේ තත්වය ගැනවත් හිතුවාද, පියවරක් ගන්න ඕනේ (දී)

:       0       0

අජිත් Sunday, 10 March 2013 11:39 AM

අත්තනායක මහත්තයාට දුවන්න පුළුවන් හින්දා හොදයි (දී)

:       0       0

කෝලිත Sunday, 10 March 2013 11:36 AM

ඒ තරම් වගකින් රහිතවද ඒ ගුවන් සේවය වැඩ කරන්නේ (දී)

:       0       0

තාරක Sunday, 10 March 2013 11:42 AM

මෙතුමන්ලාටත් මෙහෙම වෙනවා නම් අපි ගැන කවර කතාද (දී)

:       0       0

ලලිත් Sunday, 10 March 2013 11:42 AM

මේ මහත්තයාට වෙලා තියෙන වැඩක් (දී)

:       0       0

අජන්ත Sunday, 10 March 2013 11:44 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

අරුණ Sunday, 10 March 2013 11:48 AM

වී. අයි.පි ටිකට් වලටත් මෙහෙම වෙනවාද (දී)

:       0       0

පාලින්ද Sunday, 10 March 2013 12:09 PM

මොනතරම් ලජ්ජාවක්ද මෙතුමාට කරලා තියෙන්නේ (දී)

:       0       0

පෙරේරා Sunday, 10 March 2013 12:10 PM

බැරිද මේකට මොනවාහරි කරන්න? (නි)

:       0       0

නිශාන්ත Sunday, 10 March 2013 12:15 PM

ගණන් ගන්න එපා, ඕවා ඔහොම තමයි (දී)

:       0       0

රන්ජන් Sunday, 10 March 2013 10:43 PM

ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රනයක්... (නි)

:       0       0

යොහාන් Sunday, 10 March 2013 12:25 PM

කවුද මේ මාතෘකා දාන්නේ, නියමෙට ගලපනවා (දී)

:       0       0

යසිත Sunday, 10 March 2013 12:22 PM

මහත්තයාට වෙන වැඩ (දී)

:       0       0

යොහාන් Sunday, 10 March 2013 12:28 PM

නැහැ එහෙම කල එකනම් වැරදි (දී)

:       0       0

කැලුම් Sunday, 10 March 2013 12:39 PM

අවුරුදු උත්සවයක ගම වටා දිවීමට සුදුසුයි (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 10 March 2013 12:43 PM

අවුරුද්දත් කිට්ටුයි (දී)

:       0       0

සාරංග Sunday, 10 March 2013 12:50 PM

අයියෝ මහත්තයෝ මොකද මේ වුන වැඩේ (දී)

:       0       0

දම්මි Sunday, 10 March 2013 01:02 PM

මම හිතන්නේ නැහැ මේක පුවතක් කියලා (දී)

:       0       0

ශාන්ත Sunday, 10 March 2013 01:04 PM

අත්තනායක මහත්තයාට කේන්ති යන්න ඇති කොහොමද දන්නවාද (දී)

:       0       0

ධම්ම Sunday, 10 March 2013 01:09 PM

පිලිවෙලක් නැති වැඩවල හැටි! (දී)

:       0       0

සුදේව Sunday, 10 March 2013 01:09 PM

මහත්තයා තවම කොල්ලාවගේ (දී)

:       0       0

සිසිර Sunday, 10 March 2013 01:23 PM

කාලිංග, කොහෙද තිස්ස මහත්තයාගේ ගම (දී)

:       0       0

ලුම්බිණි Sunday, 10 March 2013 01:24 PM

මෙතුමා ගුවන් තොටුපලේ තියෙන ටී වී ස්ක්‍රීන් වල තියෙන ගේට්ටු නොම්මර දිහාවත් බැලුවේ නැතුවද දිව්වේ? (නි)

:       0       0

දුශාන් Sunday, 10 March 2013 01:31 PM

තිස්ස මහත්තයාටත් රාහුගේ දසාව ලබලාද කොහෙද? අවිද්දෝන එකමයි වෙන්නේ (දී)

:       0       0

කාලිංග Sunday, 10 March 2013 01:27 PM

ගමෙන් ආපු මිනිස්සුනේ (දී)

:       0       0

මුතුකුඩ Sunday, 10 March 2013 01:32 PM

මේක නම් හරි ලස්සන කථාවක්. (නි)

:       0       0

යෝෂිත Sunday, 10 March 2013 01:33 PM

මේ කතාව හොදයි දෙයියෝ සාක්කි එකේ දාන්න (දී)

:       0       0

කුරේ Sunday, 10 March 2013 01:36 PM

මහත්තයෝ දුවන එක ඇගට හොදයි (දී)

:       0       0

ලංකා Sunday, 10 March 2013 01:36 PM

ලිඛිතව දැනුම් දෙන්න සර්, පුලුවන් නම් ඒ ලිපියේ පිටපතක් ලංකාදීප පත්තරේටත් දෙන්න පළකරන්න. (නි)

:       0       0

සුනිල් Sunday, 10 March 2013 01:36 PM

සුසන්තිකාටත් හිනා ඇති (දී)

:       0       0

කෝසල Sunday, 10 March 2013 01:43 PM

මාතෘකාව දැක්කම මම හිතුවේ වෙන දෙයක්. (නි)

:       0       0

ජෝසප් Sunday, 10 March 2013 01:52 PM

ඒ ගුවන් සේවය අපෙන් සමාව ගන්න ඕනේ (දී)

:       0       0

වසන්ත Sunday, 10 March 2013 02:03 PM

මේක අපිටත් හොද පාඩමක් (දී)

:       0       0

ඉශාන් Sunday, 10 March 2013 02:14 PM

අපිත් රට යනවා මෙහෙම දේවල් නම් වෙලා නැහැ (දී)

:       0       0

උපාලි Sunday, 10 March 2013 02:18 PM

මේක ශ්‍රි ලංකාවට අයත් ගුවන් සේවාවක් වුණා නම්...? (නි)

:       0       0

කොමසාරිස් Sunday, 10 March 2013 02:19 PM

වගකීම් සහගත නොවීම තමයි මේකට මුල (දී)

:       0       0

ජනක Sunday, 10 March 2013 02:17 PM

මේ මහත්තයා යන්නේ හොදම පන්තියක,අපි යන්නේ තට්ටේ එල්ලිලා වගේ මහත්තයාට ඔහොමනම් අපි ට කොහොම ඇතිද (දී)

:       0       0

උපුල් Sunday, 10 March 2013 02:24 PM

සුසන්තිකා දුවපු තරම් වේගයෙන් දිවුවද (දී)

:       0       0

කාවින්ද Sunday, 10 March 2013 02:20 PM

නැවත ඔබට මෙවන් දෙයක් නොවේවා (දී)

:       0       0

සනත් - වෙරෝනා Sunday, 10 March 2013 02:49 PM

තිස්ස මහතාගේ සීනි ,කොලෙස්ටරෝල්වලට ව්‍යායාම ගත්තද දන්නෙ නෑ නේද? (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 10 March 2013 02:58 PM

මොකද යානය පරක්කු උනේ (දී)

:       0       0

සුනිල් Sunday, 10 March 2013 02:59 PM

මිට වඩා හොදයි නැවේ ආවනම් (දී)

:       0       0

තිස්ස Sunday, 10 March 2013 03:45 PM

කොච්චර දිවුවත් අන්තිමට වෙන යානෙකින් තමයි මෙතුමා ගෙදර ආවේ (දී)

:       0       0

අංජන Sunday, 10 March 2013 03:52 PM

මෙතුමාට වෙච්ච නිසා හොදයි ,වෙන දුවා ගන්න බැරි කාට හරි උනා නම් (දී)

:       0       0

මාලිංග Sunday, 10 March 2013 03:52 PM

අර කියුවා වගේ ඔය වගේම කතාවක තියෙනවා සුර පප්පා කතාවේ (දී)

:       0       0

ජිවන්ත Sunday, 10 March 2013 04:12 PM

මෙයාටත් වෙන වැඩ (දී)

:       0       0

අනුර Sunday, 10 March 2013 04:20 PM

මට මැවිලා පේනවා (දී)

:       0       0

චාන්දී Sunday, 10 March 2013 04:20 PM

මොන තරම් දක්ෂ කමක්ද (දී)

:       0       0

වසන්ත Sunday, 10 March 2013 04:23 PM

ලේකම් තුමා මොකද කියන්නේ, පාර්ලිමේන්තු අවුරුදු උත්සවයට දුවමුද (දී)

:       0       0

ශාන්ත Sunday, 10 March 2013 04:19 PM

මහත්තයා ගැන අපිට සන්තෝසයි. මහත්තයා මහත්තයා ගැන හිතලා සතුටු වෙන්න (දී)

:       0       0

සමන්ත Sunday, 10 March 2013 04:38 PM

ඒ කියන්නේ ගුවන් යානාත් කොච්චි වගේ පරක්කු වෙනවාද (දී)

:       0       0

චූටි Sunday, 10 March 2013 04:40 PM

මම නම් කවදාවත් යන්නෙ නැහැ. (නි)

:       0       0

අනිල් Sunday, 10 March 2013 04:49 PM

තව විනාඩි පහකට කලින් ගියානම් හරි (දී)

:       0       0

ලංකා Sunday, 10 March 2013 04:58 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

නිශාන්ත Sunday, 10 March 2013 05:08 PM

ලේකම් තුමා මොකද්ද ප්‍රශ්නේ (දී)

:       0       0

ආනන්ද Sunday, 10 March 2013 05:04 PM

ලේකම් තුමා කොහොමහරි වැඩේ කර ගත්තා නේ (දී)

:       0       0

දීපාල් Sunday, 10 March 2013 05:22 PM

ඒ විදිහට වගකීම් විරහිතවද ඒ ගුවන් සේවය වැඩ කරන්නේ (දී)

:       0       0

පිටිගල Sunday, 10 March 2013 06:01 PM

මාර වැඩක් තමයි වෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 791 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site