IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

( බිමල්  ශ්‍යාමන් ජයසිංහ )

රුපියල් 150,000 පමණ වටිනා හොරෙයින් මත්කුඩු තමන් පැළඳ සිටි මුඛ  ආවරණය තුළ සඟවාගෙන යතුරුපැදියේ යමින් සිටි යුද සෙබළෙකු අද  (28)  කලුතර රජවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු සතුව මත්කුඩු හා යුද හමුදාවේ රෙජිමේන්තුවකට අයත් නිළ මුද්‍රාවක් සහ තාවකාලික  නිවාඩු බලපත්‍ර දෙකක්ද රාජකාරි හැදුනුම්පත ද  තිබූ බව පොලිසිය සදහන් කරයි .

කලුතර ,පලාතොට ,බෝම්බුවල ආදී ප්‍රදේශ වලට යතුරු පැදියකින් පැමිනෙණ පුද්ගලයෙකු මත්කුඩු බෙදා හරින බවට කලුතර කොට්ඨාස අපරාධ විමර්ශය අංශයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පූර්ණ පරීක්ෂා කර අවසානයේ මුඛ ආවරණ ද පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම මත්කුඩු සඟවා ගෙන සිටි බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .

අත්අඩංගුවට ගත් මෙම සැකකාර සෙබලා රාජකාරි හැදුනුම්පත යොදාගනිමින් මෙම මත්කුඩු ජාවාරම කාලයක සිට සිදු කර ඇති බවද ඒ හේතුවෙන් ඔහු මාර්ග බාධක හරහා කිසිදු බාධාවකින් තොරව මත්කුඩු ප්‍රවාහන කර ඇති බව කරන ලද විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත  38 වියේ පසු වන මෙම සැකකරුගේ බිරිඳද ආරක්ෂක සේවාවක රාජකාරි කරන අයකු බව පොලිසිය කියයි

සැකකරු අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය. කලුතර කොට්ඨාස අපරාධ විමර්ශය අංශය පරීක්ෂණ පවත්වයි .



අදහස් (6)

යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

Raj sokkalingam Tuesday, 28 April 2020 09:46 AM

කිසිම සමාවක් දෙන්න එපා... ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දෙන්න ඕනේ යුද හමුදාවේ ගෞරවය කෙළෙසනවට...

:       1       116

upali Tuesday, 28 April 2020 09:51 AM

විරෝධාර හමුදා වේ ගෞරවය කනවා ...!!!

:       2       105

Raveendra Tuesday, 28 April 2020 09:52 AM

තම නිල ඇදුමට මෙන්ම තමන්ගේ රටේ හමුදාවට තමන්ගේ ඒකකයට නිගාකල මෙම තිරිසනා නිල ඇදුම ගලවා වෙඩිතබා මරා දැමිය යුතු බව අප ප්‍රසිද්ධියේ සදහන් කරන්නෙමු. නඩු ඇසීම, කිසිදු පලක් නොමැත. මක්නිසාදයත් " ගම් කබරයන් "මහාමේරු පර්වතය පැලෙන තරමට බොරු ගොන් තර්ක විතර්ක දෙසාබා මෙම නිවට සෙබලාව " මුදල් වෙනුවෙන්ම " බේරාගනු ඇත.

:       4       282

Samitha Senaka Aluthgamage. Tuesday, 28 April 2020 11:06 AM

මේ කුඩුවිරුවාට නිසි දඬුවම් ලබා දෙන්න.

:       0       35

sumathi Tuesday, 28 April 2020 11:45 AM

හා හා මේ රණ විරුවෙක්...!!! රණ විරුවන් කියන්නේ රට රැකගැනීමට තම ජීවිතය පරිත්‍යාගකළ වීරයින්ට මිසක්, මේවගේ කුඩ්ඩන්ට,මිනි මරුවන්ට, දුෂකයින්ට, පාසල් දරුවන් හොරකම් කරලා කප්පම් අරගෙන මරා දමපු නරුමයින්ට නොවේ...

:       1       33

ravi Wednesday, 29 April 2020 07:57 AM

අපේ රණවිරුවෝ හරි බුද්ධිමත්... හැබැයි මෙවැනි දේවල්වලට පමණයි ..!!!. හරියට පාරක වාහනයක්වත් පදවාගන්න බැරි කාලකන්නි ජාතියක්.. කොහේ බැලුවත් සිය රාජකාරී වාහනය කොහෙහරි හප්පගෙන, විරිත්තාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් ඕව අහන්න දේවල් නෙමෙයිනේ... සියයට අසුවක් හමුදාවල් වලට බැඳිලා ඉන්නේ..., සෝබන දාන්න .. සේවල හලන්න .. එහෙමත් නැතිනම් මත්පැන් , මත්ද්‍ර්ව්‍ය රටපුරා පතුරවන්න ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31635 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1109 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site