මෙවර ජිනීවා සැසියේදී ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන බලහත්කාරයෙන් අතුරුදන් වූවන් පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ඉකුත් යුද ගැටුම් පැවති කාලයේදී සිදු වී යැයි කියන මානව හිමිකම් කඩවීම් සොයා බැලීම සඳහා වත්මන් රජය ගෙන යන ප‍්‍රතිසන්ධාන හා සංහිඳියා ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර සංවිධානය එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අඟහරුවාදා (14) අදහස් දැක්වීමට නියමිත බව ජිනීවා තනාපති ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි වාර්ෂික සැසිවාරය අද (13) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ආරම්භවීමට නියමිතය.
ලබන 30 වැනිදා තෙක් පැවැත්වෙන මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාව ඇතුළු මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ක මානව හිමිකම් ප‍්‍රගතිය පිළිබඳව මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් ගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කෙරෙනු ඇත. ප‍්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිය ප‍්‍රවර්ධනය කිරීමේ තේමාවෙන් යුතුව මානව හිමිකම් මහ කොමසාරිස්වරයා කවුන්සිලයේ සාමාජික රටවල් හමුවේ කරුණු දැක්වීමට නියමිතව ඇත.
ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය) ඇතුළු සංවිධාන කිහිපයක් එහිදී ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් දැක්වීමට යයි.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
යුද ගැටුම් යළිත් දෝංකාර දෙයි
තිලකසිරි Monday, 12 September 2016 06:35 PM
අපි කලබල නොවී බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මාර්ලන් ඩී. සිල්වා Monday, 12 September 2016 08:07 PM
දැන් එකමුතු යහපාලන ආණ්ඩුව සාමයෙන් සමාදානයෙන් ප්‍රශ්න වලට විසඳුම් සොයා රට යහමඟට ගෙනවිත්, ලක්වැසි මුළු මහත් ජනතාවට සෙතක් සතුටක් සහ රට දියුණුව කරා ගෙනයමින් සිටින වෙලාවක මෙවැනි බාධා ඇති කිරීමට නොහැසිරී, අප සතු ප්‍රජාතන්ත්‍රවාදී අපේ පිළිවෙත් ආරක්ෂා කරගනිමින් හරි තීරණ ගනිමින්, පිටස්තරයන්ගේ ඇඟිලි ගැසීම් මැදිහත්වීම් වලින් තොරව කටයුතු කළයුතුයි (නි)
ප්‍රනාන්දු Monday, 12 September 2016 08:37 PM
සුද්දන් තමන්ගේ ඇහේ පරාල තබාගෙන අන් අයගේ ඇසේ තිබෙන කෙන්ද ගැන කතා කරයි. 60% ශ්‍රී ලාංකිකයන්ගේ තීරණයේ විපාක අනාගත පරම්පරා වලට ගෙවීමට සිදුවෙද්දී එදාට ඔවුන් තම පෙර පරම්පරාවට ශාප කරනවා ඇත (නි)
සජීව Tuesday, 13 September 2016 03:25 AM
එතකොට එල්ටීටීඊ එක නිසා කඩවුණ මානව හිමිකම් ගැන හොයන්නේ නැද්ද? වෙන රටවල යුද්ධ ඇත්තෙම නැද්ද? (නි)
දීපාල් නිරෝෂ් Tuesday, 13 September 2016 08:18 AM
පසුගිය වාර හැම එකකම වගේ යෝජනාවක් සම්මත කරලා සභාතොමෝ සතුටින් විසිරිලා යාවිද දන්නෙ නැහැ. අපි පාඩුවේ ඉඳිමු. (නි)
තෙන්නකෝන් Monday, 12 September 2016 03:36 PM
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
ගයාන් Tuesday, 13 September 2016 09:00 AM
බලන්න දෙයක් නැහැ .රනිල් නේ රාජ්‍ය පාලකයා .සිරිසේන ට හොරෙන් උ /නැ දෙමල අයට දේවි.සිරිසේන නිසා තම යි මෙපමණ දවසක් අල්ලාගෙන හිටියේ. දැන් ලෝක බලවතුන් ලංකාව වටකරලා .සිරිසේනත් අසරණ යි (බ)