IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යුද්ධය නවත්වන්න ඊශ්‍රායලය සමඟ සාකච්ඡා

කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායල රජය සමඟ තම නියෝජිතයන් සාකච්ඡා පවත්වන බවත්, යුද ගැටුම් නැවැත්වීමට එකඟතාවක් ඇති කර ගැනීමට සූදානම් බවත් ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියේ පවසයි.

ඊශ්‍රායල හමුදා හමාස් නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වන්නේ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී ප්‍රාණ ඇපයට ගෙන ගාසා තීරයට රැගෙන ගිය ඊශ්‍රායල වැසියන් 240 දෙනා මුදා ගැනීමේ අරමුණින්ය.

ගැටුම් නැවැත්වීමට කැමැති යැයි හමාස් සංවිධානය පවසා ඇති නමුත්, සටන් විරාසයකට යෑමට හෝ ගැටුම් නැවැත්වීමට තමන් කැමැති යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා නැත.

(ඒ.එෆ්.පී.)

 



අදහස් (3)

යුද්ධය නවත්වන්න ඊශ්‍රායලය සමඟ සාකච්ඡා

Abu Ali Tuesday, 21 November 2023 12:40 PM

හනේ හනේ .දැන් තරු විසි වෙන්න කෑවා ඇති වගේ

:       2       13

පියනන්ද Tuesday, 21 November 2023 01:20 PM

ඉස්ලාම් අන්තවාදය පරාජය කර මිහිපිටින් ඉස්ලාසීය ත්‍රස්තවාදය අතුගා දමන තුරු සටන නවත්වන්න එපා. අපට ඔ්නෑ සාමයයි. එපමනක් නොවේ. බොදු, කිතුනු, ඉස්ලාම්, හින්දු ආදී කිසිදු ආගමික අන්තවාදයක් නිසා අවි අතට ගෙන සාමකාමී මිනිසාට පහරදෙන්නන් ජාතිය ආගම දේශය නොබලා වැනසිය යුතුමයි. එච්චරයි.

:       0       15

Bamunuarachchi Tuesday, 21 November 2023 07:43 PM

පියනන්ද එච්චරද? බුදුදහමින් අන්තවාදී උන කෙනෙක් කවදද හලෝ ත්‍රස්ත වාදී උනේ? සාමකාමී මිනිස්සුන්ට පහර දුන්නේ? ඒ තැනැත්තා රහත් වෙලා නිවන් දකිනවා මිසක්. බණ ටෝකින්. අන්තවාදී උනේ ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු ආගම් වාදීන්. අපිට වෙලා තිබෙන්නේ ක්‍රිස්තියානින් හා හම්බයින්ගෙන් මේ උතුම් ධර්මය රැකගන්න. එකට‍ අපිට විරුද්දව නැගී සිටින්න වෙනවා. එතකොට අපි නැගී සිටින්නේ ඔබ ඔය කියන සාමකාම් මිනිස්සුට විරුද්දව නොවෙයි ත්‍රස්ත යින්ට විරුද්දව. එහෙම කලාට කමක්නැහැ නේද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site