
නැගෙනහිර යුක්රේනයේ ඩොබ්‍රොපිලියා නගරයට රුසියන් හමුදාව ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එයින් කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.
රුසියන් හමුදා කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 30 කි. රුසියන් හමුදා මෙම ප්‍රහාරයට මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානා යොදාගත් බව යුක්රේන රජය කියයි. ප්‍රහාරයලින් නිවාස සහ ගොඩනැගිලි 80 කට හානි සිදුවිය.
මේ වනවිට රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. රුසියානු හමුදාව
ඩොබ්‍රොපිලියා නගරයට එල්ල කළ ප්‍රහාරය ට්‍රම්ප්ගේ විරෝධයට හේතුවක් වී ඇත.
ට්‍රම්ප්මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ සාම වැඩපිළිවෙළක් ආරම්භ කරන තුරු තම පරිපාලනය රුසියාවට පනවා ඇති සම්බාධක තවත් වැඩි කිරීමටත්, අනෙක් රටවලට මෙන් රුසියාවට වැඩි වැඩියෙන් තීරු බදු පැනැවීමටත් පියවර ගන්නා බවය.
(බීබීසී)
2025 ඔක්තෝබර් මස 08
1469
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1316
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යුක්රේන නගරයකට රුසියාවෙන් ප්‍රහාර