(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්‍රේනයේ ප්‍රධාන පෙළේ බුද්ධි සේවා අංශ ප්‍රධානියෙකු කීව් අගනුවරදී හඳුනා නොගත් වෙඩික්කරුවෙකු විසින් ඊයේ (10) වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඝාතනය පිළිබඳ මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳ තොරතුරු ලබාදීම යුක්රේන ඔත්තු සේවය ප්‍රතික්ෂේප කළ බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. ඝාතනයට ලක්ව ඇත්තේ යුද හමුදා කර්නල්වරයෙකු වන ඉවාන් වොරොනිච් බව යුක්රේන මාධ්‍ය වාර්තා කළත් යුක්රේන බුද්ධි සේවය මියගිය නිලධාරියාගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.
යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂණ මෙහෙයුම් සහ ත්‍රස්ත මර්දන ක්‍රියාමාර්ග සැලසුම් කරන 16 වැනි බළකායේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කර ඇති බවද යුක්රේන මාධ්‍ය වාර්තා කළේය. යුක්රේන මාධ්‍යයට අනුව ඝාතනය සැකය රුසියාව දෙසට යොමු වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යුක්‍රේනයේ බුද්ධි සේවා ප්‍රධානියෙකු ඝාතනය කෙරේ