IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මේ වසරේ ජනමත විචාරණයක් - කැබිනට් ප්‍රකාශක

(අජන්ත කුමාර අගලකඩ)

යහපාලන රජය මේ වසරේ මුහුණ දෙන පළමු මැතිවරණය ජනමත විචාරණයක් බව රජයේ සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අමාත්‍යංශයේ අද (25) පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථාව සඳහා මෙම ජනමත විචාරණය පවත්වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුව ජනමත විචාරණයකට යොමු කරන බව පවසා තිබේ.

නව ව්‍යස්ථාව සකස් කිරීම කඩිනමින් කරන බවත් ඒ සඳහා කමිටු පත් කර ජනතාව දැනුවත් කිරීම ආරම්භ කර ඇති බවත් සේනාරත්න මහතා පවසා ඇත. පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ජනමත විචාරණයෙන් පසුව පවත්වන බවද ඇමතිවරයා කියා ඇත.

පළාත් පාලන මැතිවරණය එකම දිනකදී සහ සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනකදීද පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇතැයිද ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ

 

 



අදහස් (5)

මේ වසරේ ජනමත විචාරණයක් - කැබිනට් ප්‍රකාශක

Sujeewa Tuesday, 25 April 2017 06:01 PM

කට ඇරියොත් කියන්නේ පචයක්. පුතත් යන්නේ තාත්තගේ පාරේම තමා. මාස 28ක් ගිහිල්ලාත් තාමත් පුංචි පළාත් පාලන චන්දය තියන්න බයයී. මහා ලොකු කයී දෙන්නනම් හරි දක්ෂයී.

:       1       127

samira Wednesday, 26 April 2017 05:07 AM

බම්බුව තමයි මීට කලින් ගිහින් FCID එකට කට උත්තරේ දීල එන්න

:       0       5

Deepal Nirosh Wednesday, 26 April 2017 05:32 AM

අනේ මන්ද? අතිගරු ජනාධිපතිතුමා නම් ජනපතිවරණෙට ඉදිරිපත් වෙද්දි පොරොන්දු වුණේ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝධනයක් විතරයි. දැන් ඇමතිවරු කී දෙනෙක් මේ වගේ ඊට විකල්ප අදහස් කියනවද? අනෙක රටට දැන් බලපාන ආසන්නතම ගැටළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද? මට නම් පේන්නෙ නායකත්වයක් නැති ආණ්ඩුවක්.

:       0       5

nimallalitha Wednesday, 26 April 2017 06:08 AM

කියන විදිහටම කරනවා නම් කෙතරම් අගනේද? මේ රටේ සිංහලයන විවාහ වන්නේ දරුවන්ට ආදරේට නම ඔහෙලාට ඉහලින්ම චන්දය දෙවි. 1987 දී රට ඉන්දියාවට බාර දුන්න.අවුරුදු 40 ක පස්සේ නැවත ඉන්දියාවට රට දෙන්න හදනවා.සිංහලයට වින කරන හැමට සාප වේවා.

:       0       130

siri Wednesday, 26 April 2017 07:47 AM

සුජීව ඔබ හරියටම හරි.තාත්තගෙයි පුතාගෙයි" කතාව දෝලාවෙන් ගමන පයින්" මෙයාල කාට කාටත් ලබන චන්දෙදි ලැබෙයි මදි නොකියන්න.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site