IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෝදිට අලුත් යාළුවෙක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල නිවස පිහිටා ඇත්තේ නවදිල්ලි අගනුවර අංක 7 ලෝක් කල්යාන් මාර්ග් ලිපිනයේය.

මෝදිගේ තනි නොතනියට, නිල නිවසට තවත් අලුත් සාමාජිකයකු එක් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.  

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ අග්‍රාමාත්‍යවරයා සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ ඡායාරූප සහ තොරතුරු පාදක කර ගනිමිනි.

මෙම අලුත් සාමාජිකයා අලුත උපන් ගව පැටියෙකි. මෝදි ඌ නම් කර ඇත්තේ 'දිප්ජෝති' යනුවෙනි. මෝදිගේ නිල නිවසයට විශාල ගෙවත්තක් ද ඇතුළත්ය එහි ගවයන් කීප දෙනෙක් වාසය කරති.

හින්දු සංස්කෘතියට අනුව, හින්දු භක්තිකයන්, ගවයා දේවත්වයෙන් සලකයි. ඒ ක්‍රිෂ්ණා දෙවියන් සමඟ ඇති සම්බන්ධය නිසාය. මෝදි ද දැඩි හින්දු භක්තිකයෙකි.

'ගව මාතාවකට' පැටියකු උපන්නා. මේ ඉන්නේ එයා. එයාගේ නම 'දිප්ජෝති' යැයි මෝදි අලුත උපන් එම ගව පැටවා සුරතල් කරමින් සිය එක්ස් ගිණුමේ ඡායාරූප සහ අදහස් පළ කර ඇත.

මෝදි ගව පැටවා සුරතල් කරන වීඩියෝ දසුන් ද මේ වනවිට ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ.



අදහස් (0)

මෝදිට අලුත් යාළුවෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site