(රන්ජන් කටුගම්පොළ)
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිවස විශ‍්‍රාම ගැනීමෙන් පසු තමන්ට හිමිවන බවට ආමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මගින් තම මූලික අයිතිවාසිකම් කඩවිමක් සිදුවු බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අමාත්‍ය මණ්ඩල තීරණය බලරහිතකරන නියෝගයක් නිකුත් කළේය.
මෙම නියෝගය නිකුත් කළේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප‍්‍රකාශයට පත් කරමිනි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ජයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
COMMENTS
අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේ හෙලි කළේ නැතිනම් කවුරුවත් මේවා ප්‍රශ්න කරන්නේ නෑ..
ඔන්න හැන්ද අතට අසු වුණාම තමන්ටම බෙදා ගැනීමට තව හොඳ උදාහරණයක්. ග්‍රාමසේවකට කොළඹින් නිලනිවසක්? කාලා වරෙන්කෝ...
ටිකක් ඉන්න. සේරම නාකි නූගත් බයියන්ගේ... නිල නිවාස. ආරක්ශකයින්. නොමිලේ සියලුම සේවාවන් මේ සේරම තව ටික කාලයයි. උබලාට බස් එකේ තනියම යන්න වැඩේ ළඟදීම ඉෂ්ඨ කරනවා. හොර තක්කඩි. බොරු පක්ශ යක් මවා පාමින්. මේ අය හැදුණා... රට කෑවා කාපුවා වමාරන්න වැඩේ කරනවා. තොපි දෙවියෝ රැවට්ටුවා.. මල් වට්ටි අරන්. මේදාපාර ජනතාවට බුරියානී උයන්න වැඩේ කරන්නේ. කානිවල් දාලා ඔබලාව හිරේට යවලා...
ප්‍රීතී ප්‍රීතී
එතකොට මෛත්‍රී අස්වැසුම ප්‍රතිලාභවලට සුදුසුකම් ලබනවා නේද?