
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව හෙට (20) සිට සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජ්ය කතානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් ඉකුත් (16) සිකුරාදා රැස්විය.
ඔක්තෝබර් 21 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව, ප.ව 5.00 ට ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරව අනුමත කර ගැනීමට තීරණය කෙරිණ.
ඉන්පසු, ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න සඳහා කාලය වෙන් කර අැත.
ඔක්තෝබර් 22 බ්රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක ( පනත් කෙටුම්පත් අංක 79 සහ 80) දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී අැත.
අනතුරුව, ව්යවස්ථාපිත ආයතන 5ක වාර්ෂික වාර්තා විවාදයකින් තොරවඅනුමත කර ගැනීමට නියමිතව ඇත.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.
ඔක්තෝබර් 23 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වේ.
අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd