IMG-LOGO

මෙහෙයුමක් අතරතුර වෙඩි තැබීමක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වරෙන්තු  මෙහෙයුමක් අතරතුරදී  කඩුවෙල පොලිසියේ නිලධාරීන් සිදු කළ  වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.

තුවාල ලද පුද්ගලයා සිද්ධියත් සමගම පලා ගොස් මුල්ලේරියාව රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුල්ව සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි

කඩුවෙල වැලි විට කැකිරිදෙනිය ප්‍රදේශයේ වරෙන්තු මෙහෙයුමක් අතරතුරදි සැකකරු පොලිස් නිලධාරීන්ට කැත්තකින් පහර දීමට තැත් කිරීමේදී පොලිසිය පුද්ගල ආරක්ෂාවේ අයිතිය සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය

එම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය කියයි

මුල්ලේරියාව රෝහලින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන්  අනතුරුව එම සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය

කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ



අදහස් (0)

මෙහෙයුමක් අතරතුර වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site