(ඉන්දිකා රාමනායක)

තීරුබදු නොගෙවා ඩුබායි සිට නීති විරෝධි එලෙස මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 100 ට අධික ප්‍රමාණයක් වේල්ලවීදිය නවාතැන් පොළක තබාගෙන මෙරටට පැමිණෙන ඉන්දියානු ව්‍යාපාරිකයන් අතර හොර රහසේ ඉන්දියාවට යැවීමේ ජාවාරමක නිරත වූ ඉන්දීය ජාතිකයකු අද  (21) අත්අඩංගුවට ගත් බව වේල්ලවීදිය පොලිසිය පවසයි.

සැකකරු ඉන්දියාවේ වෙන්නායි හි පදිංචි කෝටිපති ව්යා පාරිකයකුගේ ගෝලයකු බවත්ල එම කෝටිපති ව්යාිපාරිකයා මේවා මෙරටට රැගෙනවිත් පසුව ඒවා ව්යාවපාරිකයන් අත ඉන්දියාවට යැවීම සදහා සංචාරක වීසා මගින් ඉහත ගෝලයා මෙරටට ගෙන්වා ඔහුට මෙම ලැප්ටොප් තොගය බාර දී ඇති බව පොලිසිය කියයි.

ව්‍යාපාර කටයුතු සදහා උදේ සවස මෙරටට පැමිණෙන ඉන්දීය ව්යාමපාරිකයන් අතේ සැකකරු මෙම ලැප්ටොප් ඉන්දියාවට යවා ඇති අතරල එම ව්යාසපාරිකයන් ඔවුන්ගේ පුද්ගලික ලැප්ටොප් එක වශයෙන් හදුන්වා මේවා වරින්වර ඉන්දියාවට රැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.