IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස  නීතිපතිවරයා විසින්  පොලිස්පතිවරයා වෙත   උපදෙස් ලබාදී ඇතැයි  අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා  අද (16) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි නාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක  සොලිස්ටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම් දීම කළේය.

එම දැනුම් දීමත් සමඟ මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා පසුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී.

පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර සිටියේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ ගමන් කළේ යැයි චෝදනා කරමින් වැල්ලවාය පොලිසිය මගින් තමාට එරෙහිව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළ බවය.

2017 වසරේ අංක 2 දරණ මෝටර් යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නඩුව ගොනු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු එම රෙගුලාසි නිසි පරිදි පාර්ලිමේන්තු මගින් අනුමත කර නොමැති බවත් එය නීතියට පටහැනි බව සඳහන් කළේය.

ඒ අනුව එම රෙගුලාසි යටතේ තමන්ට එරෙහිව නඩු පැවරීම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිණි.

එහිදී නීතිපතිවරයා  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාලන්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සම්පූර්ණ මුහුණු ආවරණය කළ හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන් ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව කීය.

ඒ අනුව මෙම පෙත්සම්කරුට එරෙහිව වැල්ලවාය  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය වෙත නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා අනතුරුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලදී.



අදහස් (6)

මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි

fairoos Tuesday, 16 February 2021 12:08 PM

මේක ලංකාවේ සෞදි අරාබිය නෙවෙයි. එක රටක්.. එක නීතියක්..

:       1       14

helaya Tuesday, 16 February 2021 01:38 PM

කොරෝනා නොතිබුණා නම් මුහුණු ආවරණ පැළඳීමත් තහනම්කර ජනතාවගෙන් දඩ අයකර ගැනීමේ නීති ගේන්න පොලීසිය කටයුතු කරන්නට තිබුණා.

:       0       17

sunil Tuesday, 16 February 2021 09:18 PM

පොලිසිය මුළුමනින්ම මුහුණු ආවරණය කළ හිස්වැසුම් තහනම් කිරීමට ඉල්වා සිටියේ.., සමහරෙක් එවැනි හිස්වැසුම්වලට මුවාවී මංකොල්ල කෑම් සිදුකළ බැවිනි...

:       0       0

චිත්‍රානන්ද Tuesday, 16 February 2021 11:59 PM

යම් කිසි සීමාවක් තියෙන්න ඕන මුහුණේ ආවරණයට. සමහරු ආවරණය කරගෙන ඉන්න විදියට මනුස්සයෙක්ද, පිටසක්වල ජීවියෙක්ද කියලා කියන්න බැහැ. ඒ වගේම මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් කරන අපරාධ වැඩිවෙයි.

:       0       0

Deepal Nirosh Wednesday, 17 February 2021 05:44 AM

මේ තහනම අත්සිටුවීම කාලීනව ඉතා වැදගත් අත්‍යවශයෙන් ගත යුතුව තිබූ තීරණයක්. මොකද සාමාන්‍ය හිස් ආවරණයකින් ලැබෙනවට වඩා දැඩි ආරක්ෂාවක් යතුරුපැදිකරුවන්ට ලැබෙනවා. හැබැයි මේවා අවභාවිතාව වැළකිමට පූර්ණ මුහුණු ආවරණ පැඳඳිම යතුරුපැදි ගමනාගමනයට පමණක් සීමාකළ යුතුයි. ඒ වගේම භාවිතා කරන්නන් ළඟම පොලිසියේ ලියා පදිංචි වීමේ නීතියක් ද ස්ථාපනය කිරීම සුදුසුයි.

:       3       3

hasan Wednesday, 17 February 2021 07:00 AM

මේකම මුස්ලිම් කාන්තවන්‍ කරනකොට රිදුණාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 830 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 161 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1022 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1052 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1362 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1213 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site