(වන්නි රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කුරුදුමලෙයි ඓතිහාසික කුරුන්දි විහාරයේ සංරක්ෂණය කරමින් තිබූ චෛත්‍ය ඉදිකිරීම් ඉවත් කරන ලෙසට ලබාදුන් මහේස්ත්‍රාත් තීන්දුව අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ආර්. සර්වනරාජා මහතා පෙරේදා (20) දින නියෝග කළේය.
කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියන්ගෙන් විමසීමේදී පවසා සිටියේ පසුගිය 19 දා සවස නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්දුවේ නිලධාරීන් පිරිසක් සහ මුලතිව් පොලීසිය, මුලතිව් මහේත්රාෙත් ආර්.සර්වනරාජා මහතා ඇතුලු අධිකරණ නිලධාරීන්, නඩුව ගොනුකරන ලද පාර්ශවය ඇතුලු පිරිස කුරුන්දි විහාරයේ චෛත්‍ය , නටඹුන් සංරක්ෂණය කෙරෙන ආකාරය පිළිබඳව නිරීක්ෂණයට පැමිණීමෙන් පසුව පෙරේදා (20) සවස මීට පෙර චෛත්‍ය ඉදිකිරීම් හා නටඹුන් ඉවත් කිරීමට ලබා දී තිබූ නියෝගය අවලංගු කිරීමට මුලතිව් මහේස්ත්‍රාත්වරයා පියවර ගත් බවය.
පසුගිය ජුලි 14 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේදී කුරුන්දි විහාරයේ චෛත්යය සංරක්ෂණය කිරීමට එරෙහිව ගොනුකරන ලද නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මහෙස්ත්රාකත් ආර්. සර්වනරාජා මහතා විසින් චෛත්‍ය ඉදිකිරීම් වහාම නවතා අදාල ඉදිකිරීම් සියල්ල ඉවත්කරන ලෙසට මුලතිව් පොලීසියට නියෝග කළේය.
අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අදාල අධිකරණ නියෝගය පිළිබඳව නීතිපතිවරයාට දැනුම් දී නීතිපති සහය බලාපොරොත්තූ වූ අතර අනතුරුව අදාල අධිකරණ නියෝගය සම්බන්ධයෙන් නීතිපති දෙපර්තමේන්තු නිලධාරීහු ද සාකච්ඡාවක් සිදුකළහ.
එමෙන්ම මුලතිව් පොලීසිය මගින්ද මුලතිව් අධිකරණයට දැනුම් දී සිටියේ කුරුන්දි විහාරයේ චෛත්‍ය නටඹුන් ඉවත් කිරීමට අපහසු බවටත් එවැන්නක් තුළින් දැඩි විරෝධයක් මෙන්ම ජනතාව අතර දැඩි නොසන්සුන්තාවක් ඇතිවීමේ අවධානමක්ද පවතින බැවින් අදාල නියෝගය පිළිබඳව සලකා බලන ලෙසටය.
කෙසේ වෙතත් මුලතිව් මහෙස්ත්රාිත්වරයා කුරුන්දි විහාරයේ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින්ම ලබාදුන් නියෝගය අවලංගු කොට නැවත සංරක්ෂණ කටයුතු සිදුකරගෙන යාමට අවසරය ලබා දුන් බවටද කුරුන්දි විහාරයේ විහාරාධිපති උතුරු පළාත් ප්‍රධාන සංඝනායක ගල්ගමුවේ සන්තබෝධි හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.




2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
921
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මුලතිව් කුරුන්දි විහාරයේ ඉදිකිරීම් නතර කිරීමේ තීන්දුව නවතී
ruwan Thursday, 21 July 2022 08:08 PM
එහෙම තමයි වෙන්න ඔනි
sharm warn Friday, 22 July 2022 08:54 AM
මේක කරවාගන්න අර නඩුව දාපු දෙමළ මන්ත්‍රීටත් අර වහල් නිවාසවලින් එකක් දෙන්න ඇති බඩුමුට්ටුත් එක්කම...