(සුජිත් හේවාජුලිගේ )
මැති ඇමැතිවරුන්ගේ පවුල්වල සමීපතම ඥාතීන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවා ඇත.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
පසුගිය මාර්තු මස 24 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ගත් තීරණයක් අනුව දෙනු ලැබූ එම අවසරය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ පසුගිය අප්‍රේල් මස පළමු වැනිදා සිටය.
මැති ඇමැතිවරුන්ගේ ළඟම ඥාතින් පාර්ලිමේන්තුව දැකබලාගැනීමට එසේ පැමිණ සිටින අවස්ථාවේදී එහි අමුත්තන්ගේ භෝජනාගාරයෙන් ආහාරපාන සපයා දෙන ලෙසටද වේත්‍රධාරිවරයා චක්‍රලේඛයකින් මෙයට පෙර දැනුම්දී තිබිණ.
මැති ඇමැතිවරුන්ගේ ඥාතීන්ට පාර්ලිමේන්තුව දැකබලාගැනීමට ඉදිරියේදී අවසර ලබාදුන්නත් පවතින තත්වය අනුව ආහාරපාන සපයාදීමට නොහැකි තත්වයක් පවතින බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.මේ අතර පාර්ලිමේන්තුවේ මහජන ගැලරි විවෘත කිරීමද රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන කල් දමා ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ මහජන ගැලරි මෙයට පෙර විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබිණ.පාර්ලිමේන්තුවේ මහජන ගැලරි වසා දැමුණේ කොවිඩ් රැල්ල වේගවත් වීමත් සමගය.
2025 නොවැම්බර් මස 21
128
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
212
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1070
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මැති ඇමැති පවුල්වල පාර්ලිමේන්තු සවාරි නවත්වයි
ජයරත්න Saturday, 07 May 2022 02:32 PM
මැති ඇමැති වරප්‍රසාද.. ඉතිං මේවා දාල යන්නේ නෑ.. මේ නඩේ වක ගැහිගැහී ඉන්න බලනවා මිසක්...
U.d.a.perera Saturday, 07 May 2022 05:46 PM
පාර්ලිමේන්තුවට තේරී පත්වූ අය ජනතා නියොජිතයින් බව ඛේදවාචකයකි. ගරු සේවයක් ලෙස සලකනු ලබන මේ අය ජනතාව මුලාකරමින් අසීමිත වරප්‍රසාද භුක්ති විඳිමින් ජනතාවගේ උරමතින් පාර්ලිමේන්තුවට. පැමිණ අද අසරණ ජනතාවට පන්න පන්නා පහර දීම ආරම්භ කර ඇත. රජයේ මුදල් අවභාවිතා කරමින් අසීමිත බලය පාවිච්චි කර ජනතාව තවදුරටත් විපතට පත්කිරීම වහාම නැවැත්විය යුතුයි. පෙන්ෂන් අවලංගු කළ යුතුයි. වැඩ කරන ජනතාව නිවසින් කෑමවේල රැගෙන එන ආකාරයටම මොවුන්ටද තම නිවස තුළින් කෑම සපයා ගැනීමට නව නීති සම්පාදනය විය යුතුයි. විදෙස් ගමන් සීමා පැනවිය යුතුයි. හරවත් ජනතාවට ඵලදායි අදහස් පමණක් සාකච්ජා කිරීමට කථානායක වගබලා ගත යුතුයි. එක් වාහනයකට පමණක් අවසර ලබාදී ජනතාවට සවන්දීම සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය. වරදට දඬුවම් ලබාදිය යුතුය. අවම පහසුකම් ලබාදී ආදර්ශමත් විය යුතුයි. මතු සම්බන්ධයි.