
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරියා හදිසියේම වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇත.
ඔහු සම්බන්ධයෙන් සේවකයන්ගෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන මෙලෙස මාරුකර යවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
එම වෛද්‍ය නිලධාරියාට එරෙහිව විවිධ චෝදනා කරමින් සේවකයන් තුන්සියයකට ආසන්න පිරිසක් අත්සන් කළ පෙත්සමක්ද පාර්ලිමේන්තු බලධාරීන්ට පසුගියදා බාරදී තිබිණ.
කෙසේ වෙතත් සමහර සේවකයන් එම පෙත්සමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබූ බව වාර්තාවේ.
මෙම වෛද්‍ය නිලධාරියා සේවකයන්ට සහ හිටපු සේවකයන්ට ඖෂධ නිකුත් කිරීමේදී නීතියට අනුකූලව කටයුතු කර තිබූ බවත් සමහරුන් ඊට දැඩි ලෙස විරුද්ධව සිටි බවත් ඇතැම් සේවකයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවකයන්ටද නොමිලේ වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුන් සීයකට ආසන්න පිරිසක් අත්සන් කෙරුවා කියන්නේ එතැන සාධාරණ දුක් ගැනවිල්ලක් තියෙනවා කියලා හිතාගන්න පුළුවන්, ඒ වෛද්‍යවරයාට පක්ෂව කතා කරන කිහිප දෙනා එයාගෙන් වාසි ගන්න හෝ විශේෂ සැලකිලි ගන්න අය වෙන්න පුළුවන්...!
හිටපු ලොක්කාට විනිවිද පෙනෙන ඇඳුමක් දාලා, ලොක්කාටම කියලා විනිවිද පෙනෙන පරීක්ෂණයක් කරන්න ජනාධිපති සහෝදරතුමණි. වැඩේ ගොඩ...!
තවත් මහජන බදු මුදල් කොල්ලයක් නොවේද? හැම දේම පිනට දෙන තැනක්ද පාර්ලිමේන්තුව කියන්නේ...
එන්පිපි මන්ත්‍රිවරු නම් පාර්ලිමේන්තුවෙන් මොනවාත් ගන්නේ නැ අඩු ගානේ ඇල් වතුර විදුරුවක්වත් බොන්නේ නෑ
ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැනේ?
ඔහොම පෙත්සම්වලට කට්ටිය මාරුකරන්න වුණොත් මුලු අමාත්‍යාංශයේම ඉන්න අයව මාරුකරන්න වේවි. පාර්ලිමේන්තුවෙන් බෙහෙත් ගන්න පැන්ෂන් ගිය මහ ලේකම් කෙනෙකුත් ඉන්නවාලු "කිතුල්"ගහකට සම්බන්ධ වෙච්චි..!