IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු වන ලෝක වාර්තා රැසකට හිමිකම් කියන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස පත් කිරීමේ අදහසක් ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිලධාරියකු පැවැසීය.

ලසිත් මාලිංග වැනි අත්දැකීම් සපිරි ක්‍රීඩකයකුගේ උපදේශකත්වය තරුණ ක්‍රීඩකයන්ට ප්‍රයෝජනවත් බව කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එම උසස් නිලධාරියා ලංකාවේ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම බව සඳහන් කළේය.

මාලිංග සමග මෙම අදහස සම්බන්ධයෙන් මේ දක්වා සාකච්ඡා කර නොමැති බවත් ඉදිරියේදී ඔහුත් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීය.

මාලිංගට මේ වන විට විදේශ කණ්ඩායම් රැසකින් වේග පන්දු පුහුණුකරු තනතුර සඳහා ආරාධනා ලැබී ඇති බව දැනගන්නට තිබේ.

තිස්අටවැනි වියේ පසුවන ලසිත් මාලිංග ටෙස්ට් තරග 30 කදී, එක්දින ජාත්‍යන්තර තරග 226 කදී සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 84 කදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර එහිදී ටෙස්ට් කඩුලු 101 ක්. එක්දින කඩුලු 338 සහ විස්සයි20 කඩුලු 107 දවා ගැනීමට සමත්ව තිබේ.

 



අදහස් (3)

මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට

ජගත් ලියනගේ Monday, 13 September 2021 03:04 PM

පුදුම කෑදර කමක් තාමත් තියෙන්නෙ. ඔය පරණ අය එක්කෙනෙක්වත් ගන්න හොඳ නැහැ.

:       20       6

parakkrama Monday, 13 September 2021 08:11 PM

ඔබතුමා ක්‍රිකට් ක්‍රීඩාවේ කෙළ පැමිණියෙක් නිසා මොනවා කියන්නද කියලා මම හිතමින් ඉන්නේ...

:       1       3

Nihal B D Monday, 13 September 2021 05:06 PM

කලකට පස්සේ අහපු හොඳම ආරංචිය... ‘‘ලාංකික අපිට පුළුවන්‘‘

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31245 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13415 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10980 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 83 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 917 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site