
(යොහාන් භාසුර)
ආන්දෝලයට ලක්වූ මාර්ගගත ක්‍රමවේදයට ශ්‍රී ලංකා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී ආයතන සමූහයෙන් සේවා ගැනීමට ලංසු තැබීමේ ක්‍රියාවලියක් නොවීමෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට හොඳම වටිනාමක ගැනීමට නොහැකි වී ඇතැයි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ මතව බව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (12) පැවසීය.
ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහයක් මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ගැනීම පිළිබඳව මුදල් කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එසේ පැවසීය.
සිය විරෝධය හමුවේ පාර්ලිමේන්තු මහ ලේකම්වරිය කාරක සභාවට කැඳවූ බව කී හර්ෂ ද සිල්වා මහතා මෙම වාර්තාව දැඩි අභියෝග හමුවේ ඉදිරිපත් කරන අතර ඇතමුන් තමන්ව දැඩි සමච්චලයට ලක්කළ බව ද සඳහන් කළේය.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ හදුනාගත් කැළකිය යුතු කරුණුවලට අමතරව නොවිසදී පවතින ප්‍රධාන ගැටලු පහක් ඇති බව කී ඒ මහතා විගණකාධිපතිවරයා මෙම වාර්තාවේ දක්වා ඇති දත්ත උපයෝගී කර ගනිමින් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් වෝහාරික විගණනයක් කරන ලෙස කමිටුව නිර්දේශ කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
2024 ජුනි මස 04 වන දින පැවති රජයේ මුදල් පිළි කාරක සභා රැස්වීමේදී අනාවරණය වූ විගණකාධිපතිවරයා දැනටමත් එවැනි විගණනයක් ආරම්භ කර ඇති බවත් මෙම විගණනය කඩිනමින් අවසන් කරන ලෙස කාරක සභාව ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෑගහන්නේ මොකද? ඒ බෙදෙන ගාණෙන් කීයක්වත් ඔයාට ලැබෙන්නේ නැතිද?
මේත් තව එක කයිය නායක කෙනෙක් තමයි . හැමදාම හොඳ ළමය වෙන්න හිතාගෙන කෑගහනවා . කරපු වැඩක් නැහැ . රනිල් මහතාට ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගයක් තමයි සුව සැරිය . එය සම්බන්ධීකරණය කරන්න මෙයාට පැවරුවා . ඒකට උප්පැන්න දෙන්න මෙයා හදනවා . මේකව දේශපාලනයට ගෙනාවේ රනිල් මහතා . කලගුණ හොඳටම දන්නා මිනිහ අන්තිමට රනිල්ට පොල්ල තිබ්බා . ඔන්න මහත්තුරු . අපේ රටේ මෝඩයෝ මේවගේ වැඩකට නැති පතෝලයන්ව පාර්ලිමේන්තු එවන්න චන්දෙ දෙනවනේ .
මේ කපේදී මුන් මේක ගොඩ දායි කියලා හිතනවද ?එහෙම හිතන එකෙක් ඉන්නවා නම් අමු ගොනෙක් වෙන්න ඕනේ