IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට

( නිමන්ති රණසිංහ)
ඩුබායි  පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි   නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  දීලීප පීරීස්  මහතා අද  කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරු  ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු  නියෝජ්‍ය පොලිස්පති  නාලකද සිල්වා මහතාට එරෙහි නඩුව අද කැඳවු  අවස්ථාවේදී නීතීපති වෙනුවෙන්   කරුණු දැක්වු නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව  ප්‍රකාශ කළේය.
 
නාලක ද සිල්වාට රිමාන්ඩ් නොකිරීමට  පරිවේෂණ සහිතව  ලබන නඩු වාරයේදී  අදාල සාක්කි ලබා දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ අතර එදිනට  ඔහු  මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳව නියෝග ප්‍රකාශ කරන බවද  මහෙස්ත්‍රාත්වරයා  ප්‍රකාශ කළේය.
 
 නාලකද සිල්වා මහතා ලබන 23 දක්වා තව දුරටත්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළේය.  

දිලීප පීරිස් මහතා

නාලක දසිල්වා  අධිකරණයෙන් පිටව ගිය අයුරු

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (10)

මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට

Mudali Tuesday, 09 April 2019 09:03 AM

ශ්‍රී ලංකාද්වීපයේ අනාගත නායකත්වය භාර දෙනු පිණිස සකල විධ යෝග්‍යතාව සපුරා සිටින ගරු. මාකඳුරේ මධූෂ්තුමා දිවයිනට සම්ප්‍රාප්ත වන තාක් අතිශය උද්යෝගයෙන් මග බලාගෙන සිටිමු……ගුවන් තොටුපලේ සිට රතු පලස මතින් කැඳවාගෙන යාමට අප සූදානම්ව සිටින බැවින් අතුලේදීම පිටරටකට පැනගන්නට වැඩ පිළිවෙලක් ඇත්නම් .. ...අඳෝමැයි...අපි අනාථය…..

:       3       279

Dimuthu Ekanayake Tuesday, 09 April 2019 09:40 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

:       0       45

හසිත් Tuesday, 09 April 2019 11:50 AM

මදුෂ්ව හිරගෙදරට එක්කන් යන ගමන් ඔහු තැනතැන හැංගූ ආයුධ ටිකත් හොයාගෙනම ගියොත් නේද හොඳ?

:       4       29

chaminda dematagoda Wednesday, 10 April 2019 08:38 PM

ගරු. මාකඳුරේ මධූෂ්තුමා දිවයිනට සම්ප්‍රාප්ත වන තාක් අතිශය උද්යෝගයෙන් මග බලාගෙන සිටිමු

:       0       5

godfrey Tuesday, 09 April 2019 01:26 PM

උත්තරේ :- ප්‍රශ්නකර මුදාහරින ලදී...

:       4       38

kumarage Tuesday, 09 April 2019 05:08 PM

දැන් නිල කොළ දෙපැත්තේ කට්ටිය මරාගනී මධුෂ්ව බෙදා ගන්න,

:       0       35

Sapumal. Wednesday, 10 April 2019 02:45 AM

මෙපමණ කලක් ප්‍රශ්න කරලත් මේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයාව වැරදි කරුවෙකු ලෙස නම් කිරීමට නොහැකි වුයේ ඔහු නිදොස් නිසාදැයි කෙනෙකුට සැක සිතීමට හැකිය. ඒ වගේම අධිකරණයේ ඇතැම් ප්‍රකාශ වලින්ද මොහු ඔය කියන වැඩේට සම්බන්ධ දැයි නැවත සිතීමට සිදුවේ. කෙසේ වෙතත්, එක්වරම අහසින් පාත්වූ නාමල් කුමාරයෙකු කී දෙයක් පස්සේ ගියා මිස මින් වෙනත් ප්‍රයෝජනවත් දෙයක් සිදුවුයේ නැත. නාමල් කුමාරට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය දීමට තරම් මේ සිද්ධිය පොහොට්ටුකාරයන්ට වැදගත් වුයේ ඇයිදැයි සිතීමට පර්යේෂණ අංශ කටයුතු නොකරන්නේ ඇයි ? සිදුවිය යුත්තේ මේ ගැන සොයා බැලීමයි.

:       32       247

Sugath Wednesday, 10 April 2019 04:21 AM

අවුරුදු කන්න වෙන්න ඇති

:       0       44

SEHAN Thursday, 11 April 2019 09:30 AM

ඉවසිල්ලක් නැහැ දකින තුරා ඔබේ සුදු මුහුණ ඔබේ.

:       0       30

hesa Thursday, 11 April 2019 02:18 PM

මෙලහකටත් වැඩ සුදානම් කරලා ඇති, යන්න ඕන රට.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site