
(රංජන් කස්තුරි සහ 055)
ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ධුරයෙන් ඉවත් වන බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට ටික වේලාවකට පෙර පැවැසීය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේ ය.
රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් ගන්නා ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද හෙතෙම කීය.
එහිදි අධිපතිවරයා මෙසේ ද කීය.
“දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත් දේශපාලන ස්ථාවරත්වය ගේන්න බැරි නම් කවුරු අධිපති ධුරයේ හිටියත් රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ නැතිනම් මහ බැංකු අධිපති ධුරයේ දැරී සිටීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මා ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.”
COMMENTS
අන්න හරි. නැත්නම් මේ ඔක්කොම ඊළගට ගහගන්නවා අගමැති වෙන්න..!
ඔක්කොටේම ඉස්සෙල්ලා ගොට ගෙදර යන්ඩ ඔනෙ
ඉස්සෙල්ලාම නන්දසේනව ගෙදර එවන්න ඕනේ. එතකොට රට ගොඩගන්න පුළුවන්..
මැතිතුමනි, මේ මොහෙතේ නීතිය තම අතට ගෙන කටයුුතු කරමින් රාජපක්ෂ ලේ ඉව කරමින් රට ගිනි තියන අයවලුන්ට ඔබතුමාගේ ආයාචනය වැටහේද?
දේශපාලනය ගැන කිසිම දෙයක් නොදන්න ටිකිරි මොළයක් රටක ජනාධිපති තනතුරකට පත් වුණාම රටේ ස්ථාවරත්වයක් ගැන කුමන කතාද...?
78 ව්‍යවස්‍්ාව අනුව විධායක ජනාධිපති ධූරයට කෘතහස්ථ දේශපාලන නායකයකු බලයට පත්විය යුතුයි. 69 ලක්ෂයක් ඡන්දයදී පත්කල ජනාධිපතිවරයා එවැනි කෙනෙකු නොවීම මේ අර්බුදයට හේතුවයි.ඉල්ලා අස් නොවුනොත් බැදගත්තු බෙරේ ගහන්නම වෙනවා.