ජපානයේ පැවැත්වෙන ජී 7 සමුළුවට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (26) පෙරවරුවේ දකුණු ජපානයේ නගෝයා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟාවිය.
ජනපති ඇතුළු දූත පිරිස එරට විදේශ අමාත්‍ය යෝජි මුතෝ දිස්ත‍්‍රික් ආණ්ඩුකාර හිදේකි ඔමුරා ඇතුළු එරට නියෝජිත පිරිසක් විසින් එහිදී මහත් හරසරින් පිළිගනු ලැබූහ.
ජනපති අද පස්වරුවේ වියට්නාම අග‍්‍රාමාත්‍යවරයා න්ගුයෙන් ක්ග්ෂූවාන් සමග ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඔහුද මෙම සමුළුවට ආරාධනා ලැබ සිටී.
ශ‍්‍රී ලංකාවට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් අත් කරගැනීමේ අපේක්ෂාවෙන් ජපාන ශ‍්‍රී ලංකා ද්විපාර්ශවික සාකච්ඡා ජී7 සමුළුව අතරතුර පැවැත්වීමටද නියමිතය.
ලොම ප්‍රධානතම කාර්මික රටවල් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එංගලන්තය, ඇමරිකාව හා යුරෝපා සංගමය ජී හත රටවල් නියෝජනය කරයි. එම සමුළුවේ ආරාධිතයෙක් ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වේ.
මෙවර ජපානයේ පැවැත්වෙනුයේ එම සංගමයේ 42 වැනි සමුළුවයි. ජී7 සමුළු ඉතිහාසයේ ශ්‍රී ලංකා ජනපතිවරයකුට ආරාධනා කළ මුල්ම අවස්ථාව මෙය වේ.
ජගත් ආර්ථිකය හා වෙළඳාම, විදේශ පිළිවෙත, දේශගුණ විපර්යාස හා බලශක්තිය සංවර්ධනය, ගුණාත්මක යටිතල පහසුකම් ආයෝජනය, සෞඛ්‍ය හා කාන්තාවන් යන මාතෘකා මෙම සමුළුවේ න්‍යායපත්‍රයට ඇතුළත්ව තිබේ.
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.