IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහින්ද ඇතුළු 7ක් අත්අඩංගුවට ගන්න නියෝග දෙන්නැයි අධිකරණයට පැමිණිල්ලක්

(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ඊට ආධාර අනුබල දුන්බව කියන සිද්ධියට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 07 දෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් නිතීඥවරයකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) පුද්ගලික පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 136 (1) (අ) වග්නිතය යටතේ මෙම පුද්ගලික පැමිණීල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ අලුත්කඩේ විදිය කොළඹ 12 පදිංචි නිතීඥ සේනක පෙරේරා මහතා විසිනි.

මෙම පෙත්සමේ විත්තිකරුවන් වශයෙන් නම් කර ඇත්තේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංජීව එදිරිමාන්න, සනත් නිශාන්ත සහ මොරටුව නගර සභාවේ සභාපති සමන් ලාල් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන්ය.

මෙම පෙත්සම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද (13) කැදවුණු අවස්ථාවේදී මෙය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන 17 වැනිදා කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව, ශ්‍රී ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 140, 144, 146, 149, 150, 154, 157, 314, 315, 316, 343, 483, 486 යන වගන්ති ප්‍රකාරව නිති විරෝධී රැස්වීමක් සිදු කිරීම හා එහි සාමාජිකත්වය දැරීම, කැරලි ගැසීමේ වරද සිදුකිරීම, රජයේ සේවකයකුට පහර දීමේ සහ බාධා කිරීමේ වරද, ජනතාව ප්‍රකෝප කිරීමෙන් කැරැල්ලක් ඇතිකිරීම, කලහයක් ඇති කිරිම, අන්තරාදායක ආයුධවලින් කැමැත්තෙන්ම තුවාල සිදුකිරීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩන්තේට්ටම් කිරීම, සාපරාධී බිය ගැන්වීම යන වැරදි වගඋත්තරකරුවන් විසින් සිදුකර ඇතැයි පැමිණීල්ල දක්වා ඇත.

මෙම සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කරන ලෙසත්, දණ්ඩ නිති සංග්‍රහයේ උල්ලංධනය කරන ලද වරදවල් සම්බන්ධයෙන් වන මෙම පරීක්ෂණයට අදාළව එම සැකකරුවන්ට වරෙන්තු හෝ සිතාසි නිකුත් කරන ලෙසටත් පැමිණීල්ල අධිකරණයෙන් ඉල්ලා ඇත.



අදහස් (0)

මහින්ද ඇතුළු 7ක් අත්අඩංගුවට ගන්න නියෝග දෙන්නැයි අධිකරණයට පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site