(නිමල කොඩිතුවක්කු)

දිවයිනට බලපා ඇති මහවැසි ඇතුලු ආපදා තත්වය හේතුවෙන් පුවුල් 2572 කට අයත් පුද්ගළයින් 9351ක් ඊයේ(23) දිනය වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.

පවතින  ආපදා තත්වය දිස්ත්‍රික්ක  21 කට අයත් ප්‍රදේශීය ලේකම් කොට්ඨාෂ 199 කට බලපා ඇතැයි ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා තත්වය හේතුවෙන් නිවාස 27 කට පූර්ණ හානි සිදුව තවත් නිවාස  1727කට ද අර්ධ හානි සිදුව ඇත.

මෙම තත්වය හේතුවෙන් පුවුල් 13 කට අයත් පුද්ගළයින් 46ක් ඊයේ දිනය වනවිට මධ්‍යස්ථාන 2 ක රඳවා ඇතැයිද ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය පවසයි.