දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන ‘චැම්පියන්ස් ලීග්’ විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (25 වැනිදා) ඩර්බන්හිදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ලකුණු 22 කින් ලයන්ස් පිල හමුවේ පරාජයට පත්වීම නිසා අවසන් මහ තරගයට පැමිණීමේ බලාපොරොත්තු සුන්විය. මහේල මෙම තරගයට සහභාගි නොවූ අතර නවසීලන්ත නායක රෝස් ටේලර් දිල්ලි පිලේ නායකයා ලෙස කටයුතු කළේය. ලයන්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (ගුලම් බොඩි 50, ඇල්විරෝ පීටර්සන් 24, නීල් මැකෙන්සි නොදැවී 46, උමේෂ් යාදේව් 20/2) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 117 (ඬේවිඞ් වෝනර් 21, කෙවින් පීටර්සන් 50, මොනේ මොර්කල් නොදැවී 18, ඩිර්ක් නැනිස් 34/2, ක‍්‍රිස් මොරිස් 7/2, අරොන් පන්ගිසෝ 18/2)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහේලගේ දිල්ලි පිලේ බලාපොරොත්තු සුන්වෙයි
ශාන්ත Friday, 26 October 2012 06:19 PM
මහේල ක්‍රීඩා නොකරන්නේ නම් එය මහේලගේ පිල වන්නේ නැත. (ස)
තිළිණ Saturday, 27 October 2012 10:01 AM
කමක් නැහැ. නැත්නම් ආයෙත් පැරදෙන්නෙ අපේම එකෙක්නේ. (නි)
ජයන්ත Friday, 26 October 2012 07:54 PM
මෙයා ඊයෙ සෙල්ලම් කළේ නැද්ද? (නි)
දිනේෂ් Friday, 26 October 2012 07:59 PM
ඔහොම යං... හොඳ වැඩේ. (නි)
ලලිත් Friday, 26 October 2012 12:54 PM
මෙහෙම වුණ එක හොඳයි. නැත්නම් මහේල මේකෙත් අවසන් තරගයේදී පැරදුණා නම් එයා අසාර්ථක නායකයෙක් කියලා ආයෙත් අවසන් තරගයකදී නායකත්වය මෙහෙයවන්න ප්‍රශ්නයක් වීමට තිබුණා. (නි)
කුරේ Friday, 26 October 2012 01:11 PM
පසුගිය සතියේ මුළු ලංකාවේම බලාපොරොත්තුත් සුන් කළේ? (නි)
චමිත් Friday, 26 October 2012 01:23 PM
අනේ සාදු! (නි)
මහේෂ් Friday, 26 October 2012 02:42 PM
ශ්‍රි ලාංකික ක්‍රිඩා ලොලියෙක් වශයෙන් අතිශය ප්‍රිතියට පත් වෙමි. රටෙ ක්‍රිකට් පහත හෙලා ඉන්දියාවට රට පාවා දෙන අය සියලු තරග පරදිවා. (ස)