පසුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී සිරි ඝටීකාර මහා සෑ වන්දනාව 2000 කට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පැවත්විණි.
සෑ රදුන් වන පස මලින් සරසා, ඖෂධ, අෂ්ටපාන, ගිලන්පස, සුවඳ පැන්, සුවඳ දුම් ආදී පූජාවන්ගෙන් පුද දී, සෑ බඳ වටා අලංකාර කංචුක පළඳවා පූජා පවත්වන ලද අතර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනා දූ දරුවන් උදෙසා විශේෂ ආශිර්වාද පූජාවක් ද සංවිධානය කර තිබිණි.
සිරි ඝටීකාර චෛත්‍ය වන්දනා කමිටුව, කල්‍යාණමිත්‍රයෝ යොවුන් සභාව සහ මහාමේඝ පුවත් සඟරාවේ සංවිධාන ශක්තියෙන් පැවති මෙම වන්දනාව අවසන සියලු සැදැහැවතුන් වෙත පිරිත් පැන් බෝතල්, පිරිත් නූල් සමඟින් 2015 අලංකාර බෞද්ධ දින දර්ශනයක් ද පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කොට තිබිණි.



















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් තුන් සිය හැට පහේම රටේ පාපය ඉහ වහා ගිහිල්ලා, මේ ආමිස පුජාවලින් මිනිසාට මොන විමුක්තියක්ද? (නදී)
සාධු සාධු සාධු!!! (නි)
අද අපේ රටේ පින්කෙත වන මහමෙව්නාවට අපි සදා නය ගැතියි. සාදු.., සාදු (නදී)
මේ වගේ දේවල් දැක්කහමත් හිත පිරෙනවා. සාධු! සාධු!! සාධු!!! (නි)
සාදු සාදු සාදු මමද මේ උතුම් පිංකම සතුටින් අනුමෝදන් වෙමි (නදී)
දුර්ලභ පින්කමක්. සාදු සාදු සාදු!!! (නි)
දුර්ලභ පින්කමක්. වන පස මල්.. සාදු සාදු සාදු!!! (නි)
දැකබලා සතුටින් අනුමෝදම් වෙමු (දී)
බුදු සසුනට ඔබ වහන්සේලාගෙන් සිදුවන සේවාව මිලකළ නොහැක. සාදු සාදු සාදු! (ර)
අසිරිමත් වූ වනපස පුෂ්ප වන්දනාවට එන්නට මාද වාසනාවන්ත වුණා. මතක්වෙන විට පුදුම සතුටක් දැනෙන්නේ. සාදු සාදු!! උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! (නි)
සාධු සාධු සාධු!!! (නි)
බුදු දහම නොදැන ...කුමාර් ...මහතා කල ප්‍රකාශය ගැන ඔහුට අනුකම්පා කිරීම සුදුසුය ...අපට ලෝකය වෙනස් කල නොහැක ...මඩ ගොහොරුවල නෙළුම් පිපෙන්නාසේ ..දුගඳ හමන ලෝකයේ සුවඳ හමන මලක් වෙන්න ....ඔබට ඔබම පිහිටවන්න ....සාදු ...සාදු..........(ස)
සාධු සාධු සාධු!!!(හේ)