
ඉන්දිකා රාමනායක සහ බී ජානක ගොමස්)
9 හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මගීන් විසින් අල්ලා මහරගම දුම්රිය ස්ථානයේදී පොලීසියට බාර දී ඇත.
සැකකරු මෙම දරුවා රැගෙ ඊයේ (4) රාත්‍රී 8.00 කොළඹ කොටුවෙන් අවිස්සාවෙල්ල බලා ධාවනය වන දුම්රියට ගෙඩවී ඇති බවත්, දරුවා දුම්රියේ හඬමින් ගමන් කිරීමත් සහ මොවුන් දෙදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිති මගීන් දරවාගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරු දුම්රියෙන් පැන පළා යාමට උත්සාහ ගෙන ඇති බවට වාර්තා වේ.
නුගේගොඩ දුම්රිය ස්ථානයේදී මගින් සැකකරු අල්ලා හදිසි ඇමතුම් අංශයට දීමෙන් අනතුරුව මහරගම දුම්රිය ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට සැකකරු සහ දරුවා බාර දී ඇති බවද පොලිසිය කියය.
දරුවා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු මීට දින කිහිපයකට පෙර නිවසින් අතුරුදන්ව සිටි දරුවකු බවටත් තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවධානයෙන් සිටිමින්, නිවැරදිව කටයුතු කළ අවිස්සාවේල්ල දුම්රියේ ගමන් කළ මඟීන්ට අපගේ ප්‍රණාමය!