
(චමිල් රූපසිංහ)
මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට තීරණය කළ බවත් ත්‍රිත්ව,තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තවදුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය.
මධ්‍යම පළාත් කොරෝනා කමිටු සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද (11) සියලු දෙනාගේ එකඟතාව මත පාසැල් විවෘත කිරීමට තීරණය කළ බවද ආණ්ඩුකාරවරයා කීය.
පාසැල් දරුවන් අවදානමකට ලක්වන්නේ පාසැලට එන යන අතරමඟදී බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් පාසැල හා නිවස දරුවන්ට ආරක්ෂිත බවද ආණ්ඩුකාරවරයා පැවැසීය.පාසැල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙන අතර ඒ සම්බන්ධව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් විදුහල්පතිවරු දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ගමගේ මහතා ප්‍රකශ කළේය.
අධ්‍යාපනය කටයුතු නිසි ලෙස සිදුකර ඔවුන් ඊළඟ පන්තිය දක්වා උසස් කළ යුතු බවත් කී ආණ්ඩුකාරවරයා පාසැල් දිගින් දිගටම වසා තැබිය නොහැකි බවත් කොවිඩ් වසංගතය රටින් තුරන් කිරීමට තවත් කාලයක් ගතවන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන් ආරක්ෂා වීමටත් තමන්ගෙන් වෙනත් අයට වෛරසය ව්‍යාප්ත වීම වලක්වා ගැනීමටත් සැවොම උනන්දු වන ලෙසත් කීය.
පාසැල් ආරම්භ වන වේලාවේදී හා අවසන් වන වේලාවේදී බස් රථ වැඩිපුර ධාවනයේ යෙදවීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගන්නා දැනුම්දී තිබෙන බව ආණ්ඩුකාරවරයා පැවසු අතර අකුරණ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බැවින් එම ප්‍රදේශයේ වසා දමා තිබෙන පාසැල් 5ක් තව දුරටත් වසා තැබෙන බවද කීය
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර පාසල් 42 ක් සඳුදා සිට විවෘතයි